ආර්ථික ප්‍රශ්නවලට අදාළ විසඳුම් දේශපාලනීකරණය කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ – හර්ෂ

Date:

ආර්ථික ප්‍රශ්නවලට දිය යුත්තේ ආර්ථිකමය විසඳුම් බවත් ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන් මේ අර්බුදයෙන් එළියට පැමිණිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“2019 දෙසැම්බර් 01 වෙනිදා මං හිතන්නෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, භාණ්ඩාගාරයෙන්වත් අහන්නෙ නැතුව ජනාධිපති කාර්යාලයෙන් එවපු ඕඩරයක් මත විශාල ලෙස බදු කපාහැරියා. රුපියල් බිලියන 500ක විතර රජයට තිබුණු ආදායමක් නැතිවෙනවායි කියලා අපි කිව්වා. ඒ කිව්වා වගේම ඊටත් වැඩිය නැතිවුණා. දැන් කියනවා ‘ඔව්, අපි පොළී අනුපාතයත් 6%ට තියන් ඉන්නවා, විදේශ විනිමය අනුපාතයත් 200ට තියන් ඉන්නවා’ කියලා. අන්තිමට මේක පුපුරණකොට කෑලි හොයාගන්න බැරි තරමට තමයි පුපුරන්නෙ.

මේ උද්ධමනය, අධි උද්ධමනකාරී තත්වයකට පත්වෙනවාද නැද්ද කියන එකට වගකියන්න වෙන්නෙ මහබැංකුවට. එතකොට මේ ප්‍රශ්නවලට උත්තර මවන්න බෑ. මෙතන තියෙන්නෙ මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම සමහර වෙලාවට තිත්තයි. නමුත් ක්‍රම තියෙනවා මේ ලෝකෙ කොහොමද අපි අමාරු, සංකීර්ණ ප්‍රශ්නෙන් එළියට එන්නෙ කියලා. අනිත් සියලුම රටවල් වගේ එළියට ඇවිල්ලානෙ දෙයියනේ, අපි විතරයි නෙ හිරවෙලා ඉන්නෙ. ආර්ථික ප්‍රශ්නවලට ගන්න ඕනෙ තීරණ ආර්ථික විසඳුම් තියෙන්නෙ. ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා අපට එළියට එන්න බෑ. මම 2020 නොවැම්බර් මාසෙ කිව්වා මොකක්ද වෙන්න යන්නෙ කියලා, ඒ දේ ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුවෙ සියල්ලදත් පුද්ගලයො තීරණය කරපුවාවෙ මොකක්ද කරන්න ඕනෙ කියලා”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...