Monday, October 3, 2022
spot_img
spot_img

Latest Posts

විපක්ෂයේ ආතල් කුඩුවෙන වසරක්

අර එළුවගෙ මොකක්ද එකක් වැටෙනකන් බලන් ඉන්න අපේ නල්ල මලේ විපක්ෂයෙ ආතල් මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2022 දි ඉරිල, බොදවෙල ,තැලිල පොඩිවෙල යන අවුරුද්දක් වෙන එක ස්ථීරයි කියල අපේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ප්‍රකාශ කරන තියෙන පුවතක් අද මාධ්‍ය තුල පලවෙලා තියෙනව.

“රටේ ආර්ථිකය අද හෙට කඩා වැටෙයි කියා පුන පුනා ප්‍රකාශ කරමින් රටට අහිතකර සිහින දකිමින් සිටින සියලුදෙනාගේ බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යනු ඇත” යන ප්‍රකාශය තමා එතුම කියල තියෙන්නෙ.

මෙන්න ඒ කරුණු දැක්වීම වෙනුවෙන් එතුමා පෙන්නල දීල තියෙන තාර්කික කරුණු

ශ්‍රී ලංකාවේ විදේශ නිල සංචිතය මේ වසර නිමා වනවිට කිසිවකුත් බලාපොරොත්තු නොවන තරම් ඉහළට ඔසවා තැබීමට දැනටමත් අවශ්‍ය සියලු සැලසුම් සකස් කොට ඇති බව

මේ වසරේදී ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය වාරික හා පොලිය කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවා දමන බව

ඒ පිළිබඳව කිසිවකුත් සැක සංකා ඇති කර ගත යුතු නැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ සිල්වා, පාඨලි චම්පික රණවක වැනි අය රටේ ආර්ථිකය කඩා වැටෙයි කඩා වැටෙයි කියා දිනපතාම බොලඳ සිහින දකිමින් සිටින බව

ඒ සිහින සියල්ල මේ වසරේදී සුනුවිසුනු වී යන බව

ශ්‍රී ලංකාව ලබා ගත් දෙස් විදෙස් ණය හා වාරික නිසි කලට වෙලාවට ආපසු ගෙවා දමමින් අත්කරගෙන සිටින කීර්තිය හා ලෝක පිළිගැනීමට අබමල් රේණුවක හානියක් සිදුවීමට ඉඩ නොතබන බව

මේ වසරේ අප විසින් ගෙවිය යුතු ණය වාරික හා පොලිය නියමිත පරිදිම ගෙවා දැමීමට කටයුතු කරන බව

එහිදී ඒවා සිදුකරන්නේ දැඩි අභියෝගකාරී තත්ත්වයක් යටතේ වුවත්, කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩක් තබන්නේ නැති බව

මේ වසර පමණක් නොව ලබන වසර තුළ පවා අපේ විදේශ නිල සංචිත ඉහළ නංවා ගැනීමට රජය සූදානම් කළ වැඩපිළිවෙළ පැහැදිලිවම රටට කියන්නත්, ඒ අනුව රටත් ජනතාවත් දිනවීමට ක්‍රියා කරන්නත් සූදානම් බව අපි හිතන්නෙ හැමදාම හීන ලෝක වල ජීවත්වෙන අපේ සෙල්ලම් විපක්ෂයට රටේ මහ බැංකු අධිපතිතුමා දීල තියෙන්නෙ කණේ පාරක්.

බලය ලබා ගන්න කිසිම උපායක් නැති විපක්ෂය මේකරන්නෙ එදාවේල ගැටගසාගැනීමක් විතරමයි. වෙලාවකට කියනව අපේ අච්චර මැරෙනව කියල. අපි මාර්තු වෙනකොට බංකොලොත් කියල තවත් පාරකට කියනව.

මේ විහිළු අහල ජනතාව ඔය විපක්ෂය ගැන තියෙන බලාපොරොත්තු අතහැරල ගොඩක් කල්. අපේ දේශපාලන ඉතිහාසයෙ මෙච්චර බැනුම් අහපු විපක්ෂ නායකයෙක් කවදාවත්ම ඉදල නෑ. ඒතරමට වර්තමාන විපක්ෂ නායකතුමා විතරක් නෙමේ එතුමගෙ පරම්පරාවටම බැණුම් අහන්න එතුමා විසින්ම කටයුතු සිද්ද කරගෙන ඉවරයි.

අවුරුදු දෙකක්ම අපි කොවිඩ් වසංගතයත් එක්ක ඔට්ටු වුණා. 2022 පටන් ගන්නකොට අපේ ජනතාව 30000 මැරෙනව කියපු ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා අභියෝග කරපු අපේ නායකත්වය ඒ ගණන 15000 සීමාවෙ තියන්න තරම් දක්ෂ වෙලා තියෙන මොහොතක තමා මහබැංකු අධිපතිතුමා මේ ප්‍රකාශය කලේ.

කවදත් අභියෝගවලට අභියෝග කරපු ගෝටාභය රාජපක්ෂ කියන චරිතය කියන දේ කරන කරන දේ කියන චරිතයක් හින්ද මේ වචන විශ්වාස කරල මේ අවුරුද්ද පටන් ගමු කියන ආයාචනය අපේ ජනතාවට මෙහෙම කරනව.

Sponsored Article
යූ.ඩී
2022 ජනවාරි 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.