සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 36 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් දිවි බේරාගත් පුද්ගලයන් 15 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා සහන සේවකයන් සහ ගිනි නිවන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව ද වාර්තා වේ.

