පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර

Date:

මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී තිබේ.

ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් අමාත්‍ය මහින්ද අමරවීරට අවැසි හිතවතුන් වෙත වැලි කැණීම් බලපත්‍ර නිකුත් කරන ලෙස ඔහු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යංශයට දිගින් දිගටම බලපෑමි කරමින් සිටියි.

ස්වභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණීම් සදහා අවසර ලබාදී ඇත්තේ අහංගම කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙතයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් මහා පරිමාණ කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ නම් ඒ සදහා පාරිසරික තක්සේරුවක් සිදු කර මෙම පරිසර පද්ධතියේ සංවෙිදීතාවය පිළිබද අධ්‍යයනය කළ යුතුය. එසේ නොමැතිව මහා පරිමාණ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නීති විරෝධී ක්‍රියාවලියකි.

මීට පෙර මෙම ප්‍රදේශයේ සුළු පරිමාණ වැලි කැණීම් සඳහා ප්‍රදේශවාසීන් විසින් බලපත්‍ර ඉල්ලා සිටියද කූඩ මගින් වැලි ගැනීම මෙම ස්වභාවික පරිසර පද්ධතියට හානි විය හැකි බව පවසා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

එමෙන්ම විසල්මා කන්ස්ට්‍රක්ෂන් ආයතනය වැලි කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා සිටියත් එම ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදීභාවය නිසාම එම වැලි බලපත්‍රය ලබාදීම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අනවසර මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදා වැලි කැණීමට අවසර දී ඇති සාපි නගර් ප්‍රදේශය මහවැලි ගඟ විසින් පාරිණාමිකව ගලා යාමේදී ස්වභාවික ලෙස නිර්මාණය වූ ජල තටාක හා වැලි නිධි විශාල ප්‍රමාණයක් ඇති ප්‍රදේශයක් මෙන්ම ස්වභාවික පාරිසරික සංවේදී කලාපයක්ද වේ.

2021/57/B අංකයෙන් නිකුත් වූ 2021 ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කළ වාර්තාවට අනුව අධික ප්‍රමාණයක් වැලි බලපත්‍ර දැනටමත් නිකුත කර ඇති නිසා එමගින් මහවැලි ගඟේ ඉවුරට විශාල වශයෙන් හානි පැමිණ ඇත. එමෙන්ම ප්‍රදේශයේ ලවණතාවය වැඩි වී ඇති බවට පර්යේෂණ මගින් සනාත වී තිබේ.

පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්
ජාතික සමිබන්ධීකරක ,
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...