රාජ්‍ය සේවකයන්ට 5000 ක දීමනාවක් – සමෘද්ධිලාභීන්ට 1000 ක දීමනාවක්

Date:

රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම දීමනාව විශ්‍රාමිකයන්ටද හිමිවන බවයි මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහාද රුපියල් 5000 ක දීමනාව හිමිවන බව මුදල් අමාත්‍යවරයා පවසනවා.

වී ගොවිතැන සිදු කරන ගොවීන් සඳහාද සහන ලබාදීමට පියවර ගෙන තිබේ. පොහොර හිගය හේතුවෙන් සිදුවන අස්වැන්න හිගය සලකා බලා වී කිලෝවක් සඳහා රුපියල් 75 ක මිලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් වී මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයන්ට කිසිදු බරක් නොපැටවීමටද පියවර ගන්නා බව රාජපක්ෂ මහතා පවසනවා.

අපි වවමු – රට නගමු සංකල්පය යටතේ පර්චස් 20 ක ඉඩමක් තිබෙන පුද්ගලයන්ට ගෙවත්තේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් 5000 ක මුදල් හිමි වේ. පර්චස් 20 ට වැඩි ඉඩම් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමටද නියමිතය. මෙම දීමනාව ලබාදීම ප්‍රාශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජු සලකුණ ….

කෑගල්ලෙන් බිහිවෙච්ච සංගීතවේදීන් අතරින් සුවිශේෂ ගායකයෙක් සහ වාදකයෙක් වෙච්ච...

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...