Sunday, December 3, 2023
spot_img

Latest Posts

පොහොර නැවට ගෙවීම් ගැන නඩුව සමථයකට – වාරණ නියෝගයත් ඉවත් කරයි

චීන සමාගමක් විසින් මෙරටට එවූ කාබනික පොහොර සඳහා ගෙවීම් සිදු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ්‍ය මහාධිකරණය අද තීරණය කළේය.

මෙම නඩුවට අදාල පාර්ශ්ව අද මෝසමක් ගෙනු කරමින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව සමථයකට පත් කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි. ඊට අනුමැතිය ලබාදුන් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නඩුව සමථයකට පත්කර මුදල් ගෙවීම වාරණය කරමින් නිකුත් කර තිබූ නියෝගයද විසුරුවා හැරියේය.

සමථ කොන්දේසිවලට අනුව ප්‍රමිතියෙන් යුතු පොහාර සැපයීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට පැමිණිලිකාර සමාගම එකඟ වී තිබෙනවා. චීන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ප්‍රමිතියෙන් යුක්ත පොහො‌ර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල රාජසන්තක කිරීමටද එකඟ බවයි.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් එවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බවද සමථ කොන්දේසිවල සඳහන් වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.