නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW:
නවීකරණය වෙමින් පවතින කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ අලුත්වීම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව අතර තුර මාධ්‍යවේදීන් ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල්වලට ඉව අල්ලන පිරිසක් සිටින බවත්,එයින් හතර දෙනෙක් පමණ අතින් මුදල් වියදම් කරගෙන සමාජ මාධ්‍ය කිහිපයක් නිර්මාණය කර ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සහ තමන්ට මඩ ගසමින් සිටින බවය.තමන් ඉදිරිපත් වන්නේ ක්‍රිකට් නිලවරණයට පමණක් බවත්,තමන් දේශපාලනයට ඒමෙ අදහසකින් නොමැති බවත් තව දුරටත් කරුණු දැක් වූ ෂභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ හතර දෙනා කවුද?
එම පැනය විමසූ මාධ්‍යවේදීන්ට එය හෙළි කිරීමට මෙය අවස්ථාව නොවන බව කී ක්‍රිකට් සභාපතිවරයා ඉඟි කළේ නුදුරු දිනයකදීම ඒ අය හඳුන්වා දීමට කටයුතු කරන බවටය.
මේ ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධව සිටි මතිවානන් විසින් පැවරූ නඩුව සම්බන්ධයෙන් ද අදහස් විමසීමක් කළ අතර එය අධිකරණයෙන් නිශ්ප්‍රභා කිරීමෙන් පසුව දැන් මතිවානන් වෙත මිලියන 500 ක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ද ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේය.
‘ඒවා බොරු චෝදනා,සාක්ෂි නැතුව කීර්ති නාමයට හානි කරන්න කරන වැඩ.මතිවානන් අහු වුණා.පව් තමයි.ඒත් ඉතිං කරන වැරදිවලට උත්තර නොදී ඉන්නත් බැහැ.‘
ශම්මි සිල්වා අවධාරණය කළේය.
පරිපාලනයට විරුද්ධව යොමු කරන පෙත්සම් නිසා විශාල වශයෙන් විගනනයට ලක්වන බවත්,නිර්මාණය කර දමා ගසන එම මඩ නිසා විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන්ම හැම විටම වගේ තමන්ගේ නිර්වාද්‍යභාවය සහ විවෘත භාවය සහතික කර ගැනීමට ලැබීම ආශිර්වාදයක් වන බවත් මේ නිසා නිරන්තරයෙන්ම පාරදෘෂ්‍යභාවයෙන් සහ නිවැරදි සහතිකයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වැඩ කරන්න එම පෙත්සම්වලින් ලැබෙන සහය ගැන සතුටු වෙන බවත් ශම්මි සිල්වා පෙන්වා දුන්නේය.


