අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වනවිට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත නිව්යෝර්ක් නුවර අධි චෝදනා ගොනු කර ඇති අතර, චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන කියු ෂියෝකි ඊයේ (02) ජනපති මදුරෝ හමුවී දිනක් ගතවීමටත් මත්තෙන් අමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි.

ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධව පෙන්වා දෙනුයේ නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව ඔහුගේ ඉරණම අමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් වනු ඇති බවය.

මේ අතර වෙනිසියුලාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනිසියුලානු දේශසීමව හරහා හමුදාව යෙදවීමට කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නියෝග කර තිබේ.

වෙනිසියුලාවේ කැරකස් සහ අනෙකුත් ප්‍රදේශවයට එල්ල වී අමෙරිකානු ප්‍රහාරවලින් පසු වෙනිසියුලාවේ සරණාගතයින්ගේ දැවැන්ත ගලා ඒමක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇත.

තවද, වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාර සම්බන්ධව විදෙස් රටවල් රැසක අවධානය මේ වන විට යොමුව ඇති අතර, ප්‍රහාර සම්බන්ධව අදහස් දක්වමින් කියුබාව සහ කොලොම්බියාව මීට එරෙහිව ජාත්‍යන්තර පාර්ශ්වවල මැදිහත්වීමක් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලාවද සිද්ධිය සම්බන්ධව එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්ද ඉල්ලා ඇති අතර රුසියාව සහ ඉරානයද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් උපුටා දක්වයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...