ලෝකේ අනිත් අය විශ්‍රාම යන හැටි සහ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අය විශ්‍රාම යන හැටි

Date:

ලෝකෙ අනිත් හැම ආයතනෙකම කවුරු හරි විශ්‍රාම යන හැටි –

පොර විශ්‍රාම යනවා කියලා සෑහෙන කාලෙකට කලින් ඉදන් ආයතනෙ උන් දන්නවා.
ඒ තනතුරට කලින්ම අලුත් එකෙක්ව ගන්නවා.
සමහර වෙලාවට විශ්‍රාම යන ඩෑල් එක අලුත් පොරට වැඩ ටිකත් කියලා දෙනවා.
පස්සෙ ඔෆිස් එකේ ඔක්කොම සල්ලි එකතුකරලා, පොඩි පාටියක් එහෙම දීලා, පොර ගැන ගුණ කතනයක් එහෙම කරලා, පොඩි තෑග්ගක් එහෙමත් දීලා යවනවා.


ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවෙ උන් විශ්‍රාම යන හැටි –

“බ්‍රෑම්ම්… බ්‍රෑම්ම්… බ්‍රෑම්ම්…”
“හෙලෝ…”
“හෙලෝ සර් ගුඩ් මෝනින්…”
“අහ් ගුඩ් මෝනින්… කියනවා…”
“සර් අද ඉදන් මං වැඩට එන්නෑ කියන්න ගත්තෙ…”
“වැඩට එන්නෑ…. ඒ මොකද…?”
“මං පැන්ෂන් යනවනෙ සර්…”
“පැන්ෂන් යනවා… කවද ඉදන්ද…?”
“අද ඉදන්…”
“(NATAKO වොයිස් එකෙන්) සිරාවට……. එතකොට තමුසෙගෙ වැඩ ටික කරන්නෙ කවුද…?”
“මං දන්නෑ… කාවහරි ගන්න වෙයි අලුතෙන්…”
“ඕයි මේ හදිස්සියෙ කාවද ගන්නෙ…”
“එහෙනම් මං කියන්නද සර්… අලුත් කාවහරි ගන්නකම් අපි දුම්රිය වාර ටිකක් අවලංගු කරමු…”
“අඩේ… නියම අයිඩියා එකක්නෙ අයිසෙ… තමුසෙ වගේ බුද්ධිමත් මනුස්සයෙක් විශ්‍රාම යන එක අපේ දෙපාර්තමේන්තුවටම පාඩුවක්…”
“මං දන්නවා සර්…”
“හරි හරි… හැපි රිටයමන්ට් එහෙනම්…
“තැන්ක් යූ සර්…”

~ සචින්ත ප්‍රමෝද්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...