*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ආසියානු රගර් අවුලේ මුල හිටපු පරිපාලනය…?

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව වෙනුවෙන් වත්මන් ආසියානු සභාපති කායිස් අල් දලායි ගේ ආශිර්වාදය මත අනුග්‍රාහකත්වයක් ලබා ගනිමින්,ඔහු වෙත නිලවරණයේදී කැමත්ත ප්‍රකාශ කරන බව කී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලවරණය නියෝජනය කළ එවකට සභාපති ධූරය දැරූ ලසිත ගුණරත්න කායිස්ගේ ප්‍රතිවාදියා වූ ජපන් ජාතිකයාට ඡන්දය පාවිච්චි කර ඇත.ඒ සම්බන්ධයෙන් ඇති වූ සිත් බිදීමේ සහ විරෝධයේ දිගුවක් ලෙස වරථමාන සභාපතිවරයාට සහ වසර 146 ක් පැරණි ශ්‍රී ලංකා රගර් පරිපාලනයට බාධා කරන්නට ආසියානු රගර් සම්මේලනයට හැකියාව ලැබී ඇති බව ආසියානු රගර් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ තත්ත්වය සම්බන්ධයෙන් ආසියානු රගර් ප්‍රජාව අතර විවෘත කතාබහක් නිර්මාණය වී ඇත්තේ මේ වන ශ්‍රී ලංකා රගර් සභාපතිවරයාට එරෙහිව ආසියානු සම්මේලනය පැන වූ තහනමට,ශ්‍රී ලංකා සභාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ආසියානු සම්මේලනයම එකඟ වූ තත්ත්වයකය.
එවකට වත්මන් සභාපතිවරයාට ඡන්දය භාවිතා නොකිරීම සම්බන්ධයෙන් ලසිතට එරෙහිව වර්ථමානයේද ආසියානු සභාපතිවරයාට සමීපව තනතුරු දරන අසංග සෙනවිරත්න දැඩි විවේචනයක් කර ඇත.එසේම ඒ මොහොතේ කායිස්ට ශ්‍රී ලංකාවේ කැමත්ත හිමි විය යුතු බවට අදහස් පළ කළ අය අතර වත්මන් සභාපතිවරයා වන රිස්ලි ඉල්ලියාස් ද ඉඳ ඇත.එහිදි ලසිත සහ යන දෙදෙනාම ආසියානු උප සභාපති තනතුරකට තරග කිරීමට ද ඉදිරිපත් වී ඇති අතර එහිදී ලසිත තනිවම තරග කළ යුතු බව කියා ඇත.කායිස්ට නිලවරණයේ දී කැමත්ත දීම, මේ තනතුරට ඉදිරිපත්වීම ආදි කරුණු කිහිපයක් මත,ඒ මොහොතේ ඇති වූ වාතාවරණයේදී අසංග,ඉල්ලියාස් ඇතුළු සිව් දෙනෙක් පමණක් ලසිතට එරෙහිව පෙනී සිට ඇත.ඒ අනුව සිඳු වී ඇත්තේ ආසියානු නිලවරණයේදී ලසිත කායිස්ට ඡන්දය ප්‍රකාශ නොකිරීම සහ ඔහු ඉදිරිපත් වූ තනතුරට ද අතේ ඇඟිලි ගණනින් ගත හැකි ඡන්ද කිහිපයක් ලැබී පරාජය වීමය. කායිස්ගේ පාර්ශවයට ජය හිමිවීමය.ශ්‍රී ලංකාව කායිස්ගේ පාර්ශවය නියෝජනය නොකළ රටක් වන්නේ එතැනදී ය.
එහිදී එම තත්ත්වය ඇතුළේ වු අසංග තමන් වෙනුවෙන් පෙනී සිටීම නිසා අසංගව ආසියානු සම්මේලනයේ විශේෂ තනතුරකට පසුබිම සැකසීමට කායිස් පියවර ගෙන ඇත. නමුත් ඒ මොහොතේ ශ්‍රී ලංකාවේ හැසිරීම සම්බන්ධයෙන් ඇති කරගත් නොමනාපය පදනමේ තියාගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක විය හැකි අවස්ථා සොයමින් සිටිය දී වර්ථමානයේ එවැනි අවස්ථාවක වත්මන් ශ්‍රී ලංකා සභාපතිවරයා සහ ආසියානු සම්මේලන සභාපතිවරයා අතර ඇති වූ පෞද්ගලික වට්සඇප් පණිවිඩ ආශ්‍රිත සම්බන්ධයක් හේතු කරගෙන ආසියානු සම්මේලනය ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට තහනමක් පැනවීය.එහිදි ශ්‍රී ලංකාවේ සභාපතිවරයා මා සමඟ ඔබ වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමේ සිටි අතළොස්සෙන් එකෙකි යැයි කායිස්ට කියන්නට අසංග ඉදිරිපත් වන්නේ නැත.ඔහු එම තීරණයට නිහඬවම හෝ අනුබල දෙමින් යම් ආකාරයකින් අතුරු කමිටුවකට යාමට ඇති ඉඩකදී තමන්ට එහි අවස්ථාවක් දිනා ගැනීමට හැකි වෙනු ඇතැයි සිතුවා වන්නට පුළුවන්ය.ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ආසියානු සභාපතිවරයාව සම්බන්ධ කිරීම අසංගගේ අරමුණ විය.
එහි ප්‍රතිපලය වන්නේ එම තහනම සම්බන්ධයෙන් හිටපු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රගර් පරිපාලනය තහනම් කිරීමය.නමුත් වත්මන් පරිපාලනය එය නීතිමය වශයෙන් ඉවත් කර ගත්තේය.දෙවනුව වත්මන් අමාත්‍යවරයා ඉල්ලියාස්ට එරෙහිව ආසියානු සම්මේලනය ගත් තහනම මත පිහිටා ඉල්ලියාස් සභාපතිවරයා තහනම් කර ඇත.එය ඉදිරියට ද පවත්වාගෙන යාමට හැකි පරිදි ක්‍රීඩා පණත සංශෝධනයෙන්ද අවස්ථාවක් ලබා ගෙන ඇත.එයට ද වත්මන් සභාපති ඉල්ලියාස් ශ්‍රී ලංකාවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම සඳහා අවසර ලබා ගෙන තිබේ.එසේම මේ සටහනට පාදක කරුණු සම්බන්ධයෙන් අලුත්ම තත්ත්වය නිර්මාණය වන්නේ ඉල්ලියාස් ආසියානු සම්මේලනයට ද එම තීරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම පරීක්ෂණයට ලක් කිරීමට ඔවුන් එකඟ වීමෙන් පසුවය.දැන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණයෙන් ආසියාවම ගිණිගෙන ඇත.
ඊට හේතු වී ඇත්තේ ඉල්ලියාස් සම්බන්ධ නියෝගය නිකුත් කිරීම සඳහා සළකා බැලූ ඇතැම් ලියවිලි සහ සළකා නොබැලූ ලියවිලි,එසේම ඒ පරීක්ෂණ මණ්ඩලය,ඔහුගෙන් කරුණු නොවිමසීම වැනි කරුණු අනුව එම නියෝගයට පදනම් වූ විභාගය ඒක පාර්ශවික මෙන්ම සැක සහිත එකක් බවට රිස්වි ඉල්ලියාස් කරන චෝදනාවේ විභාගයට ගත යුතු දෙයක් තිබෙන බව ආසියානු සම්මේලන විධායක නිලධාරීන් විශ්වාසයට ගැනීමය. ඒ සඳහා ආසියාව එකඟවීමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ඇතැම් රටවල් ද තමන්ගේ ඉරණම සම්බන්ධයෙන් ද එසේ හැසිරෙමින් බාධා පැමිණිවීමට හැකි බව රටවල් අවබෝධ කර ගනිමින් ඇත.එම තිගැස්ම සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණය ආසියාවෙම් ප්‍රශ්ණය් වන්නට පටන් ගෙන ඇත.
ආසියානු සභාපතිවරයාගේ තීරණ සඳහා අසංග නිහැඬියාවෙන් හෝ දායකත්වය දැක්වීම, එහිදී රිස්ලි ඉල්ලියාස්ට එරෙහිවීම සම්බන්ධයෙන් ලසිත හා එක මතයකට පැමිණීම,ඒ ලසිත නිලවරණයේදි තමන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම වැනි කරුණු මේ වන විට ආසියානු සම්මේලන සභාපතිවරයාගේ අවධානයට ලක් වී ඇති බව ක් පෙනෙන්නට ඇත.සිය රටට විරුද්ධවීමට විරුද්ධවාදීන් හෝ සමඟ එකතුවන අසංග සහ ඒ තමන්ට එරෙහි වූ ලසිත වීම ආසියානු සභාපතිවරයාට ද සතුටුදායක හැඟීමක් වෙනුවට බිය සැක උපදවන කරුණත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇත. ඒ අනුව ජාත්‍යන්තරය නියෝජනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටි අසංග ඊට සහභාගි නොකර ඒ අනුව කායිස්ම සහභාගි වන්නට තීරණය කර ඇති බව වාර්තාවේ. කායිස් එසේ කරන්නේ,තමන්ට යම් ආකාරයක අනතුරක් හෝ කර ඔහුට අවස්ථාවක් ආවොත් එයට මුල්තැන දී කටයුතු කරනු ඇතැයි යන සැකයද හිත තබාගෙන විය යුතුය.
මේ අතර කායිස්ගේ පරීක්ෂණ මණ්ඩලය දුන් තීන්දුවේ ඇති අපක්ෂපාතී නොවන ස්වභාවය සහ ඒක පාර්ශවික ස්වභාවය නිසා ආසියාවේ බොහෝ රටවල් තමන්ට අවදානමක් ඇති බව තේරුම්ගෙන ඇත.එහි පියවරක් හැටියට ආසියානු සභාපතිවරයාගේ අධිපතිභාවය සැළකිල්ලට නො’ගෙන එම තීන්දුව අභියෝගයට ලක් කරන පෙත්සම ගැන විභාගයට ආසියානු සම්මේලනය එකඟවීම ඇත.එසේම ජාත්‍යන්තර රගර් සම්මේලනය,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද ආසියානු රගර් සම්මේලනයේ හැසිරීම ගැන කරුණු දක්වන්නට ශ්‍රී ලාංකේය බව වෙනුවෙන් පෙනී හිටිමින් ජාතික ඔලිම්පික් කමිටුවද ක්‍රියාත්මක වෙමින් ඇත.
“ ශ්‍රී ලංකාවට විදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා කරවන විට එකට එක මතයක සිටි සභාපතිවරයා සහ උප සභාපතිවරයා වූ අසංග සහ ලසිත දෙදෙන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මේලනයෙන් පැන වූ ඩොලර් 50000 ක දඩයකට (අදත් ගෙවමින් පවතින) යටත්වීම, ආසියානු සම්මේලන නිලවරණය මොහොතේ වත්මන් ආසියානු සභාපතිවරයාට එකඟ වීමේදි දෙපසකට බෙදීම. දැන් නැවත සිය රටේ සභාපතිවරයාට එරෙහිව එකඟ අරමුණකින් ක්‍රියාත්මක වීම.අයෙක් ආසියානු සභාපතිවරයා සමීපයේ සිටද,අයෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා සමීපයේ සිටද සිඳු කරයි.මේ කාරණා ගැන සළකද්දි මේ දෙන්නා වැරද්දකදි එකඟ වෙන ගතියක් නැද්ද? මං හිතන්නෙ ක්‍රීඩා අමාත්‍යවරයා දන්නෙත් නැතුව ඇති නිලවරණයේදී වත්මන් ආසියානු සභාපතිවරයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමෙන් වත්මන් ආසියානු පරිපාලනය සමඟ දුරස්ථභාවය හදපු කෙනා තමයි තමන් ළඟ ඉන්නෙ කියලා.ඒ වගෙම ආසියානු සභාපතිවරයා දන්නෙත් නැතුව ඇති අසංග එක්ක තමන්ට පක්ෂව හිටපු මනුස්සයට තමයි තමන් මේ එළවඑළව පහර දෙන්නෙ කියලත්.මොකද ලසිත කියයිද මං තමයි පළවෙනි අවුල කරේ කියලා,අසංග ආසියානු සභාපතිට කියයිද ඉල්ලියාස් මාත් එක්ක ඔයා වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක් කියලා”
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රගර් ඉතිහාසයට සම්බන්ධ ප්‍රවීනයෙක් අපගෙන් විමසා සිටියේය.
“මේ වෙන හැටියට කායිස්ට වුණත් බය හිතෙන්නෙ නැද්ද වගකීමක් දෙන්න.ඒ නිසා දැන් ඔයත් කල්පනා කරනවා ඇති මාව නියෝජනය කරන්න අසංගව යවන එක ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි කියලා.ඔයා දන්නවනෙ සුබ සහ යස කතාව.පොඩ්ඩක් පුටුව දුන්නම රජ්ජුරුවන්ගෙ බෙල්ල ගහලා දාන්න අණ කළොත්…”
ලසිත සහ අසංගගේ ක්‍රියා කළාපය ගැන පැවසූ එම ප්‍රවීනයා පවසන්නේ ලංකාවේ දේශපාලකයන්ට ඒවයේ ගාණක් නැහැ යනුවෙන්ය.
ඒ අයටත් ඉතිං රට ගැන වැඩක් තියෙනවද?කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන කෙනාට නෙමෙයි ඒ අය කැමති,තමන්ව හැම වෙලේම ප්‍රභූත්වයේ තියාගෙන කොන්ද නමන අයට.අසංගට සහ ලසිතට දෙන්නටම එහෙම ලංකාවට ගැලපෙන විදිහෙ දේශපාලනයෙ පුරුද්දක් තියෙනවා.හැම දේටම ඇමතිවරු ඉස්සර කරගෙන,දේශපාලකයො ඉස්සර කරගෙන නැමීගෙන වැඩ කරන්න ඒ අය දක්ෂයි.හැබැයි එහෙම අයට කඩුව දීලා නිදාගන්න ගියහම මොනව වෙයිද දන්නෙ නැහැ.දන්නවනෙ කඩුව දුන්න වඳුරාගේ කතාව පැවසූ ඔහු, සුබ සහ යසට වඳුරා සහ රජ්ජුරුවන්ගේ කඩුව ගැන කතාවද එකතු කළේය.
“ලංකාවෙ දේශපාලනය බලන්නකො.එකතු වෙයි කියලා මිනිස්සු කවදාවත් හිතපු අය ද එකතු වෙලා තියෙන්නෙ.එකතුවෙන්න ඕනි අය අනිත් එකාට හරි යයි කියලා එකතු වෙන්නෙ නැහැ.ඒ වගෙම තමයි අපි කාට හරි වරද්දන්න පුළුවන්නම් තරහ මරහා අමතක කරලා එකතු වෙන්නෙ.ලංකාවෙ අය ඉන්න අපායෙ නාරා වල ළගට මුර දාන්නෙ නැහැ කියන කතාව වගෙ තමයි.මොකද මුර ඕනි නැහැ.එකෙක් ගොඩ එන්න හැදුවොත් අනිත් එව්වො ඇදලා පල්ලට දානවා.”
ඔහු රගර්මය නොවන දේශපාලනික සහ සමාජීය කෝණයකින් වත්මන් තත්ත්වය ගැන කතා කළේ යළිත් ශ්‍රී ලංකා රගර් සමඟ සම්බන්ධවීමට නොහිතෙන තරමට මේ ගැටළුවේදී හිටපු,ප්‍රවීන සහ එහෙත් පිරිහුණු රගර් පරිපාලකයන් සහ දේශපාලකයින්ගේ හැසිරීම ගැන කළකිරීමෙන්ය.
මේක වෙනස් කරන්න දෙන්නෙ නැහැ කවුරුත්.රට දිනන්න නෙමෙයි ඕනි තමන්ට සළකන්න.දේශපාලකයා,ඉහළ රාජ්‍ය නිලධාරියා මේ අයව උඩින් තියලා සළකන ක්‍රමයක් තමයි පවතින්නෙ.එයාලට පෙරහැර තියෙනවනම්,මල්මාල දානවනම්,හැම උත්සවයකටම ගෙනත් පිම්බෙන්න ඉඩ දෙනවනම් ඒවා තමයි ඕනි.රගර්නම් ඔහෙ කොහොම හරි ගහයිනෙ.ලෝක කුසලානෙ දිනන්නද කියන තැනක තමයි උඩ අය ඉන්නෙ.මං කියන්නෙ අපිට දිනන්න පුළුවන් කියන එකේ සෙවණැලි කොමන්වෙල්ත් එක ඇතුළෙදි දැක්කා.ඒ වුණාට එහෙම දුර පේන මිනිස්සු මේකෙ පාලනයට එන්නෙ නැහැනෙ.
අපි වත්මන් රගර් තත්ත්වය ගැන කතා කරන්න ගත් උත්සාහයට එතනින් තිත තබමින් ඉදිරියේදී බොහෝ දේ වෙනුවෙන් නමින්ම ඉදිරිපත් වෙන්නට පොරොන්දු තබමින් ඔහු සමු දුන්නේය.
නමුත් වඩාත් වැදගත් මේ මොහොතේ දි ආසියානු සම්මේලනයට එරෙහිව එම සම්මේලනයට ඉදිරිපත් කරන පෙත්සම විභාගයට ගැනීමට එකඟවීමේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරය.ශ්‍රී ලංකාව කුමන හෝ ජාත්‍යන්තර සම්මේලනයකට සම්බන්ධ උප ආයතනයක තීන්දුවකට අනුව තහනම් කරන්න,ඉවත් කරන්න පුළුවන් මට්ටමට සිය පණත දේශපාලනික චරිතයට අවශ්‍යය පරිදි තීරණ ගැනීමට බලාත්මක කරමින් සිටියදී එම සංගම් ඊට එරෙහිව එන තීරණ ද පරික්ෂාවට ගත යුතුය යන තීරණයට එළැඹීම ශ්‍රී ලංකාවේ දේශපාලනයට, ක්‍රීඩා පරිපාලනයේ නිදහස පුළුල් කරන්නට කරන යෝජනාවක් වැනිය.
එසේම යම් නියෝගයක් සැක සහිතය යන පදනමෙන් ඉදිරිපත් කරන පෙත්සමක් පරික්ෂා කිරීමට එකඟවීමෙන් පෙන්වන්නේ එම කරුණුවල නිරාකරණය කරගත යුතු යම් සැකයක් තිබෙන බවය.ඒ අනුව ගෙන ඇති තහනම් සම්බන්ධ තීරණය මේ වන විටත් නිවැරදිද නැද්ද යන පරික්ෂා කිරීමට යටත්ව තිබෙන නිසා නිවැරදි තීරණයක් එන තුරු ආසියාවේ තහනම ද යම් අභියෝගයකට ලක් ව ඇත.
මේ සියලු ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න කිරීමේ අයිතිය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ඊට අනුබද්ධ ජාත්‍යන්තර රගර් සම්මේලනය සංගම්වල තනතුරු මත අසීමිත බලයක් රැඳවිම වෙනුවට එහි සමස්තය මත තමන්ගේ නිදහස,අයිතිය ගැන පුළුල් ලෙස සාකච්ඡා කරන්නට හදා දුන් ඉඩකි.වඩාත් මානුෂීය වෙමින් විවිධත්වය මත සමානත්වය ඇති කරමින් ක්‍රීඩාවේ ජාත්‍යන්තර මුහුණුවර සැකසෙමින් ඇති පසුබිමක ආසියානු සම්මේලනයට නොව ජාත්‍යන්තර සම්මේලනයකට වුව පුද්ගලයෙක් සිය බලයෙන් තලා දමන්නට අයිතියක් නැත.
ශ්‍රී ලංකාවේ දේශපාලනය හුරුකර ඇත්තේ ලෝකය රට ඇතුළෙ තිබෙන බව සිතන්නටය.ඒ රටත් එහි නායකයනුත් පොඩි බව නොදැනෙන්නටය.එ නිසා දේශපාලන නායකයෝ පෙනෙන්නෙත් තරමට වඩා ලොකුවටය.ඇත්තටම අපිට පුංචි බව නොසිතෙන නිසා ඇතැම් පුරවැසියොත්,නායකයාත් රටට කරන හානිය අපමණය.ජාත්‍යන්තරය ඉදිරියේ එකඟවිය යුතු සහ එකඟ නොවිය යුතු කරුණු නොතේරෙන පරිසරයක රගර් යම් කිසි ආකාරයකින් රටට මඟ හැරුණු නිලයක් අල්ලා ඇත.ඒ ගැන සතුටු විය යුතුය.පරාජය හෝ ජය වැදගත් නැත.වඩාත් වැදගත් පූර්වාදර්ශයය.
අද වන විට මේ සටහනට අදාළ දත්ත සහ ඉතිහාසය ආසියානුකරණය වෙමින් සාකච්ඡාවට බඳුන් වෙමින් ඇත.වත්මන් පරිපාලන සහ එහි නායකත්වය විඳිමින් සිටින්නේ ඉතිහාසයේ එක්තරා ආකාරයක අකෘතඥ පියවරක ප්‍රතිපලය.එහිදී කායිස්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා රගර් වෙත ලැබුණු අනුග්‍රහය නොතකා හැර,ජපන් අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින්නටත් ශ්‍රි ලංකා රගර් වෙත ඊට වඩාත් පළල් අනුග්‍රහයක් ලැබුණේ ද?ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ ගිණුම්වලනම් එවැනි සඳහනක් නැත.නමුත් එසේ ආසියාව තරහා කරගැනීමේ පළමු වෙඩි මුරය පත්තු කළ කෙනා තමන්ගේ තුරුළේ තියාගෙන ඒ කඩතොළුවීමේ ප්‍රතිපලයට මුහුණ දෙන කෙනාට අමාත්‍යවරයා තහනම් නියෝග ලබා දෙයි.ඉතිහාසය අදාළත් නැත.අනාගතය අදාළත් නැත.ඉන්න මොහොතේ පේන දේ ට කුමක් හෝ කිරීම වගකීම සේ සිතන තැනක රගර් නොව සමස්තයම අසරණය
(මේ සමඟ 2019 ආසියානු නිලවරණයට අදාළව වාර්තා වූ පුවත්පත් ලිපියක් ද අපි පහතින් ඇතුළත් කර තබමු.එය 2019 නොවැම්බර් 18 පළ වූ පුවත්පත් වාර්තාවකි.)



නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan