*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ආයතනයේ සේවක සුබසාධනය වැඩිදියුණු කරනවා – අනූෂ පැල්පිට

කොන්ත්‍රාත් පද­නම යටතේ වසර හය­කට වැඩි කලක් සේවයේ යෙදී සිටි­යදී නිසි ඇග­යීම් ක්‍රම­වේ­ද­ය­කින් අන­තු­රුව සිය කාර්ය සාධ­නයේ ඉහ­ළම ප්‍රග­ති­යක් වාර්තා කළ සේව­ක­යන් 16 දෙනා අත­රින් කිහි­ප­දෙ­නකු ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් හා ලේක්හ­වුස් සභා­පති අනූෂ පැල්පිට මහතා අතින් ස්ථිර පත්වීම් ලබා­ ගත්තා.

රටේ ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ආයතන කඩා වැටීමකට ලක්ව තිබියදී ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක පිරිසෙහි කැපවීම මත පසුගිය මාස හතර තුළදී යම් ලාභයක් ආයතනයට උපයා ගැනීමට හැකි වූ බව ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කෙළේය.

සභාපති අනූෂ පැල්පිට එහිදී මෙසේ පැවසීය.

“ආයතනයේ සේවක සුබසාධනය වැඩිදියුණු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරනවා. ආයතනයේ මුද්‍රණ කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමට නවීන පන්නයට ගැළපෙන මුද්‍රණ උපකරණ කිහිපයක් මේ වර්ෂයේ දී මිලදී ගැනීමට කටයුතු කරනවා. ඉතාම දුෂ්කර කාලයක මම මේ ආයතනයේ සභාපතිවරයා බවට පත් වුණා. 2022 ඉතාම නරක වර්ෂයක් මේ ආයතනයට.

පළමුවන මාස අටේ මෙහෙයුම් අලාභය මිලියන 290යි. එය මිලියන 230දක්වා අඩු කර ගැනීමට අපට හැකි වුණා. මොකද, සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා රුපියල් මිලියන 60ක මෙහෙයුම් ලාභයක් ලැබුවා.

පසුගිය වසරේ අවසන් මාස හතරේදී ආයතනයට ලාභයක් උපයා දීමට හැකි වුණා. වසර දහයකට වැඩි සේවා කාලයක් තිබූ සේවකයන් 10ක් ස්ථිර සේවයට බඳවා ගත්තා. අවුරුදු 6කට වඩා සේවය කළ 25 ක් කොන්ත්‍රාත් පදනමේ දැනට මෙහි සේවය කරනවා. ඔවුන්ගේ කාර්යක්ෂමතාව කමිටුවක් මඟින් අපි පරීක්ෂාවට ලක් කළා. ඒ 25න් දෙදෙනකු වයස අවුරුදු 45ට වැඩියි. 16 දෙනකුට මාස හයක පරිවාස කාලයකට යටත්ව අද ස්ථිර පත්වීම් ප්‍රදානය කරනවා. 2022 වර්ෂයේදී ආයතනයේ පාඩු අවම කිරීම සඳහා තීරණ රැසක් ගත්තා. පාඩු ලබන අධ්‍යාපන ප්‍රකාශන මුද්‍රණය නැවැත්වීමට එහිදී අපි තීරණය කළා. සරසවිය, සුබසෙත ඩිජිටල්කරණය කළා. ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය යටතේ සේවකයන් 149ක් විශ්‍රාම යැව්වා. ඒ සඳහා රුපියල් මිලියන 334ක් වැය වුණා. සමාගමේ කොටස් විකිණීමෙන් මිලියන 210ක් උපයා ගත්තා. මේ වසර තුළ තවත් 100දෙනකු මේ ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීමට අපි තීරණය කර තිබෙනවා. ආයතනයේ දියුණුව සඳහා යන්ත්‍ර කිහිපයක් ගැනීමට මේ වසරේදී මගේ අරමුණ වෙනවා. ස්ථිර සේවක සංඛ්‍යාව 700 දක්වාත් කොන්ත්‍රාත් සේවකයන් සංඛ්‍යාව 150 දක්වාත් අවම කිරීමට පියවර ගන්නවා. ඒ අනුව ආයතනයේ සේවක සංඛ්‍යාව 850ක් දක්වා සීමා කිරීමට පාලනාධිකාරිය සහ භාණ්ඩාගාරය ගිවිසුමකට අත්සන් තබනවා. රටේ තත්ත්වයත් සමඟ ආයතනයට ඉදිරියට යාමට අපහසුයි. කඩදාසි ඉතාම මිල අධිකයි. කඩදාසි ටොන් එකක් මේ වන විට රුපියල් ලක්ෂ පහක් හයක් පමණ වෙනවා. පසුගිය පාලනාධිකාරිය කොළ ටොන් 1000 ක් පමණ අරගෙන තිබුණා. ඒ නිසා තමයි මේ අමාරු කාලයේ අපට පත්තර මුද්‍රණය කළ හැකි වුණේ. එසේ නොවුණා නම් මේ වන විට ආයතනය ගොඩාක් අමාරු තත්ත්වයකට වැටිලා. පසුගිය පාලනාධිකාරියට මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතුයි. සේවකයන් 975ක් සිටිනවා. වැඩ කරන කැප වෙන කිසිදු අයෙක් ආයතනයෙන් ඉවත් කරන්නේ නැහැ. ආයතනයට සාධාරණයක් කරන පුද්ගලයන්ට ආයතනයෙනුත් සාධාරණයක් ඉටු කරනවා. ලංකාවේ ආර්ථිකය හොඳ තත්ත්වයකට පැමිණියහොත් අපේ ආයතනයත් යහපත් වෙනවා. දැන්වීම්වලින් අපට ආදායම් ලැබෙනවා. ඒ සඳහා රටේ ආර්ථිකයෙත් දියුණුවක් තිබිය යුතුයි. දැන්වීම්වලින් ලැබිය යුතු ණය මිලියන 600 ක් තිබෙනවා. මාසයකට මිලියන 150ක් 200ක් පමණ ණය එකතු කරනවා. ණය කපා හැරීමක් නම් කිසිසේත් කරන්නේ නැහැ. ණය නොගෙවන අයට එරෙහිව නඩු දානවා. ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ආයතනයට මුදල් උපයන තැනක් බවට පත් කරනවා. ආයතනයේ පුස්තකාලය සතුව වටිනා සම්පත් අපට තිබෙනවා. මගේ නායකත්වය යටතේ ආයතනයට ලබාදිය හැකි උපරිම සේවාව මම ලබා දෙනවා. යම් ස්ථාවර මට්ටමකට ආයතනය ගෙනැවිත් තිබෙනවා. එය කිසියම් හැරවීමක් පමණයි.

මේ හැරවීම යටතේ ආයතනයේ දියුණුවට අවශ්‍ය සියල්ල අවසන් කර නැහැ. ආයතනයේ දියුණුව සඳහා මට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට තනිව කටයුතු කළ නොහැකියි. මේ සේවකයන් ද එක්ව එකම කණ්ඩායමක් විදියට ඉදිරියට යා යුතුයි. හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. රටේ ආර්ථික මට්ටම මේ සඳහා බලපෑමක් අනිවාර්යයෙන්ම එල්ල කරනවා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan