රජයේ වියදම් දැඩි ලෙස සීමා කරනවා – සියඹලාපිටිය

Date:

නව වසරේදී රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

වසර 2022 සිදු කළ පරිද්දෙන්ම රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට නව වසරට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා නිකුත් කළ චක්‍රලේඛය ජනවාරි 01 දා සිට බලාත්මක වන බවද සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.

රජයේ ආයතන මඟින් සිදු කරන වියදම් අත්හිටුවීමට අදාළව නිකුත් කළ චක්‍රලේඛය මේ වසරේදී ක්‍රියාත්මක කෙරෙනු ඇත. වසර 2023 තුළ වියදම් දැරීම සඳහා බලය දීම සහ රජයේ වියදම් කළමනාකරණය මැයෙන් මේ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව නව වසරට රජයේ ආයතන, වාර්ෂික අය-වැය ඇස්තමේන්තුව මඟින් වෙන් කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කරගත යුතුය. එහි වගකීම නිලධාරීන් විසින් තරයේ ඉටු කළ යුතු බව රජය අවධාරණය කර තිබේ.

පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් 2023 වසරේදී රජයේ වියදම් දැරීම අන් කවරදාකටත් වඩා විචක්ෂණශීලිව කළ යුතු බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නව චක්‍රලේඛයේ සඳහන් වේ.

නව වසරේදී රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරු!

කොළඹ LNW:පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව...

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...