සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමරිකානු ඩොලර් භාවිතය සම්පුර්ණයෙන්ම නවතා දමන බවට නිවේදනය කර තිබේ.
ඒ වෙනුවට, රුසියානු රූබල් සහ චීන යුවාන් භාවිත කිරීමට සුදානම් වන අතර මෙම පියවර ගෝලීය ඩොලර් මූල්‍ය පද්ධතිය මත පවතින යැපීම අවම කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම ක්‍රියාවලිය හඳුන්වා දිය හැකිය.
මෑත කාලීන දත්තවලට අනුව, දෙරට අතර සිදුවන සමස්ත වෙළඳ ගනුදෙනු ප්‍රමාණයෙන් 95% සිට 99% දක්වා අතිවිශාල ප්‍රමාණයක් දැන් පියවනු ලබන්නේ ඔවුන්ගේම දේශීය මුදල් ඒකක මගිනි.
මෙම පරිවර්තනය හරහා බටහිර රටවල් පනවන ආර්ථික සම්බාධකවල බලපෑම අවම කර ගැනීමටත්, දෙරටේ ආර්ථික ස්ථාවරත්වය සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත් රුසියාව සහ චීනය බලාපොරොත්තු වේ.



