ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථායිතාවක් – මහ බැංකුව

Date:

සැලකිය යුතු ආර්ථික පසුබෑමකින් පසුව මේ වසරේ (2023) දී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථායිතාව කෙටිකාලීනව ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන මට්ටම සහ ඉතිහාසයේ වාර්තාවන ඉහළම උද්ධමන මට්ටම සමග තීව්‍ර වූ ආර්ථික අවදානම්වලින් පසුව සහ සැලකිය යුතු මට්ටමේ ආර්ථික මන්දගාමීත්වයකින් පසුව මේ වසරේදී මෙම කෙටිකාලීන ආර්ථික ස්ථායීතාව ළඟා කරගත හැකි වනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ට සමාජ මෙන්ම ආර්ථික වශයෙන් දුෂ්කර හැඩගැසීම්වලට මුහුණ දීමට සිදු වුවද රජය සහ මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම තවදුරටත් අත්‍යාවශ්‍යව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...