අරගලයෙන් පසු ජනමතය වෙනස්වෙලාද ?

Date:

ලංකාවේ වාම නැඹුරුවක් ඇති දේශපාලන බලවේගවල මතය වන්නේ අරගලයෙන් පසු රටේ පැරණි දේශපාලන නැඹුරුව වෙනස් වී ඇති බවයි. එනම් රටම වමට හෝ අළුත් දිසාවකට නැඹුරු වී ඇති බවයි. ඇත්තෙන්ම ගත් කල එය මිත්‍යාවකි.

මන්ද අරගලය යනු ගෑස්, ඉන්ධන වැනි නාගරික සමාජයට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉහල මිලකටවත් ලබාගත නොහැකිවීම නිසා නිර්මාණය වූ මධ්‍යම පන්තියේ අදිසි කැරැල්ලකි.

පසුව අධික මිලට හෝ භාණ්ඩ සප්ලයි එක සැපයුන සැනින් අරගලය හිරු දුටු පිනි සේ දිය විය.. මධ්‍ය පන්තියේ ගලාගෙන ගිය ජීවන රටාව නැවත පීල්ලට වැටුන සැනින් සියල්ල ඕ.කේ. විය.

අපේ වැනි රටවල්වල මධ්‍යම පන්තිය යනු යම් ගෝලීය දේශපාලන සාක්ෂරතාවයක් ඇති සහ මතවාද තනන සහ පෙරළීන් නිර්මාණය කිරීමේ විභවයක් ඇති සමාජ ස්ථරයකි.

අප වැනි රටවල්වල බහුතර පහල පීඩිත පන්තිය වූ කලී අනුන්ගේ රැළි පසුපස ගාටන සහ ඕනෑම ද්‍රරිද්‍රතාවයකට අනුගතවෙන සමාජ ස්ථරයකි. මේ මොහොත වනවිටත් ඔවුන්ගේ කොටසකට දෛනික ආහාරවේල පවා අවිනිශ්චිතය. එහෙත් පෙරලියක් කිරීම සඳහා දරිද්‍රතාවය ඔවුන්ට උත්ප්‍රේරකයක් වන්නේ නැත. දරිද්‍රතාවය නිසා ඔවුන් සමාජ පෙරලි සිදුකරන්නේ නම් ඒ පෙරලිය මීට පෙර සිදුවී තිබිය යුතුය. එබැවින් මේ ආර්ථික පීඩනය අදාළ වෙන්නේ ඉහත කී පහල පන්තීන්ට වන බැවින් තත්වයට අනුගත වීමක් මිස අදිසි පෙරලියක් සිදුවීමේ ඉඩ කඩ අල්පය.

මෙහි අනෙක් කාරණය අරගලය නිර්මාණය වූයේම “දෙසීය විසිපහම එපා” යන තෙමාව යටතේ සියළු පක්ෂ ප්‍රතික්ෂේප කරන නිර්පාක්ෂික ප්‍රවේශයකිනි. එබැවින් අරගලයේ වාසිය මොනයම් හෝ දේශපාලන ප්‍රවාහයකට එකතුවූවා යැයි ද සිතිය නොහැක.

අනෙක් පැත්තෙන් දශක ගණනාවක් ඇටුවම් බැහැපු තට්ටුමාරු දේශපාලන ජාන මාස දෙක තුනක සිද්දියක් නිසා උඩු යටිකුරු වී ඇතැයි සිතීම ද තමන් විසින් තමන්ම රවටා ගැනීමකි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...