ප්රකට ව්යාපාරික දිලිත් ජයවීර මහතා, ඔහු සභාපතිත්වය හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන සියලු සමාගම්වලින් 2024 ජනවාරි 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව, ‘දෙරණ ‘ නාලිකාව පවත්වාගෙන යනු ලබන ‘පවර්හවුස් ‘ සමාගම හා ‘අරුණ ‘ පුවත්පත පවත්වාගෙන යනු ලබන ‘ලිබර්ටි පබ්ලිෂර්ස් ප්රයිවට් ලිමිටඩ්’ සමාගම ඇතුළු සමාගම් 24කින් ඔහු ඉල්ලා අස්වී තිබේ.
මේවනවිට පුර්ණ කාලින දේශපාලනයට පිවිස සිටින දිලිත් ජයවීර මහතා ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ප්රචාරණ කටයුතු ද ආරම්භ කර ඇත.
RN