ලෝක පාපැදි ශූරිනී Melissa Hoskins දිවියෙන් සමුගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් , හිටපු පාපැදි ලෝක ශූරියක් මෙන්ම ඔලිම්පික් ධාවන පථයේ සුපිරි ක්‍රීඩිකාවක් වූ මෙලිසා හොස්කින්ස් (Melissa Hoskins) මියගිය බව ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව ඊයේ දැනුම් දී ඇත.

ඇයගේ සැමියා වන, දෙවතාවක් ලෝක පාපැදි ශූරතා හිමි කරගත් රොහාන් ඩෙනිස්, හොස්කින්ස්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍යද වාර්තා කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියාවේ අගනුවර වන ඇඩිලේඩ්හි අභ්‍යන්තර උතුරු උප නගරයකදී මෝටර් රථයක ගැටීමෙන් 32 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පොලිසිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් පවසයි.

ඩෙනිස් නම් වූ 33 හැවිරිදි පුද්ගලයකුට “අනතුරුදායක රිය පැදවීමෙන් මරණයට පත් කිරීම” සහ “සැලකිල්ලකින් තොරව රිය පැදවීම සහ ජීවිත අනතුරක් කිරීම” යන චෝදනා එල්ලකොට ඇති බව එරට පොලිසිය පවසයි,

මෙලිසා හොස්කින්ස් 2015 ලෝක ශූරතාවලි කණ්ඩායම් තරගයේදී රන් පදක්කම දිනාගත්තේය.

2012 ලන්ඩන් සහ 2016 රියෝ ද ජැනයිරෝ ඔලිම්පික් උලෙළේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකාවකද වූ මෙලිසා හොස්කින්ස් ඉතා දක්ෂ තරඟකාරියකි.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...