උසස් පෙළ විභාගය හෙට (04) ඇරඹේ, කාලසටහනේ වෙනසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): පසුගිය දා නිකුත් කළ උසස් පෙළ විභාග කාලසටහන ඉදිරියට භාවිත නොකරන ලෙස සියළු විභාග අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ, අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සුළු වෙනස් වීමක් සිදුව ඇති බවයි.

එනම්, කොරියානු භාෂාව මෙවර උසස් පෙළ විෂය ධාරාවට නව විෂයක් ලෙස එකතු වී ඇති අතර එය කාලසටහන සඳහා එකතු කිරීමට යාමේදී එහි සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවු බව විභාග කොමසාරිස්වරයා කියා සිටියි.

ඇතැම් වෙබ් අඩවිවල මෙම කාලසටහන වැරදි ලෙස සටහන් කර ඇති බවත්, අපේක්ෂකයින්ට පහසුවන ලෙස ප්‍රවේශපත්‍රයේම නව කාලසටහන දක්වා ඇති බවත් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව කිසිදු වෙනත් තොරතුරකට යාමට අවශ්‍ය නොවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ප්‍රවේශපත්‍රයේ වෙන්කර ගැනීමට කොටසක් ඇති බැවින් එම කොටසේ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, කුමන පත්‍රය ද, මාධ්‍ය, ඒ ඒ විෂයන් පැවැත්වෙන වේලාව සඳහන් කර ඇත.

එය ප්‍රමාණවත් බවත්, උසස් පෙළ කාලසටහන පිළිබඳ තවත් කිසිදු දෙයක් සෙවීමට අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේය.

මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඊට අදාළ මාර්ගෝපදේශ අදාළ අංශ වෙත යොමුකර ඇති අතර අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, පස්සර, අම්පාර, මඩකලපුව සහ හසලක යන ප්‍රදේශ පිළිබද දැඩි අවදානයක් යොමුකර ඇති බවද සඳහන් වේ.

අවසන් මොහොත වනතුරු නොසිට සිය විභාග මධ්‍යස්ථානයට යාමට බාධාවක් තියෙනවාද යන්න සොයා බලන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියළු අපේක්ෂාකයින්ට දැනුම් දෙන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට යාමට හෝ කිසියම් දෙයකට බාධාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වීමට නියමිතව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...