රජයේ පොහොර සමාගම් දෙකෙන් තේ වගාවට පොහොර අවම මිලට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රාජ්‍ය පොහොර සමාගම් දෙකක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මෙතෙක් ලංකා තේ මණ්ඩලය විසින් තේ වගාකරුවන් වෙත පුද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා ණය මුදලක් ලබා දුන් අතර ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට තේ වගාකරුවන්ට සිදුවුණා.

එහිදී ඇතැම් තේ වගාකරුවන් පොහොර නොයොදා එම මුදල් වෙනත් කටයුතුවලට යොදවන බවට ද වාර්තා වී ඇති බව සඳහන් වේ.

තේ වගාව සඳහා වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40,000කි.

එම පොහොර අවශ්‍යතාවය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6800ක් පමණ වනවා.

තේ වගාවෙන් නිසි අස්වැන්නක් ලබා ගැනීමට නම් විධිමත් පරිදි පොහොර යෙදිය යුතු නමුත් ඇතැම් තේ වගාකරුවන් පොහොර නොයෙදීම නිසා එම තේ වගාවන්ගෙන් නිසි අස්වැන්නක් නොලැබෙන බව ද ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් මේ වනවිට තේ සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර නිෂ්පාදනය සිදු කරන අතර එම සමාගම් දෙක මගින් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

රජයට අයත් පොහොර සමාගම් විසින් අවම මිලක් යටතේ පොහොර ලබා දෙන නිසා දැනට රුපියල් 15,000කට පමණ පුද්ගලික අංශය විසින් අලෙවි කරන තේ සඳහා වන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට ඉන් ඉඩකඩ සැළසේ.

මේ අනුව ලංකා තේ මණ්ඩලය හා රජයට අයත් පොහොර සමාගම් දෙක අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් අනතුරුව අඛණ්ඩව තේ වගාවට අවශ්‍ය පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...