*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අපි තවමත් ශක්තිමත්.මේ පාර අපි හදිසි වෙන්නේ නැහැ – පියල් නිශාන්ත

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් ශක්තිමත් අතර සිය පක්ෂය සන්ධාන හදන්නේ ජනතාව සමඟ බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ඒ අනුව ජනතාව සමඟ සන්ධාන ගතවී රටේ ජනතාවට ඇතිව තිබෙන ආර්ථික ගැටලු මෙන්ම සමාජ ගැටලු නිරාකරණය කිරීම සඳහා පක්ෂයක් ලෙස මැදිහත් වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අද වනවිට විපක්ෂයට බලය ලබා ගැනීමට නොහැකිව විවිධ සන්ධාන අටවගනිමින් සිටින අතර ඉතිහාසයේ සන්ධාන හදාගත් පක්ෂවලට සිදුවුනේ කුමක්ද යන්න ජනතාවට හොඳ අවබෝධයක් ඇති බවයි ඔහු පවසන්නේ.

”ජනාධිපතිතුමා මුල ඉඳලම කිව්වේ මේ රට භාරගන්නකොටත් මේ රටේ තියෙන ගැටලු විසඳගන්න ඔක්කොම එකට එකතු වෙන්න කියලා. ඒ විවෘත ආරාධනාව විපක්ෂයේ පක්ෂ ඉවත දමලා ඔවුන් හදන්නේ ඔවුන්ගේ බලය පිහිටුවන්න. ජනාධිපතිතුමා කිව්වට කවදාවත් මෙහෙම වෙන්නේ නෑ. ඒ අයට ඕනා ඒ අයගේ දේශපාලන මතය අරගෙන ගිහිල්ලා තම තමන්ට තනියම බලය පිහිටුවන්න. මේ නිසා වෙන්නේ රටක් විදියට අපි තවත් අමාරුවක වැටෙන එකයි.අපිට ජනාධිපතිවරයෙක් නම් කරන්න ලොකු හදිසියක් නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපි නම් කළේ ඉතාමත්ම ක්ෂණිකව. අපේ පක්ෂය කියන්නේ නායකයින් කිහිප දෙනෙක්ම සිටින පක්ෂයක්. අපි අවශ්‍ය වෙලාවට අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ප්‍රකාශ කරන්නම්” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan