බදු ජාලය පුළුල් කිරීමට නම් එම ක්‍රියාවලිය සරල විය යුතුයි – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහ ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): අද (03) දින පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මෙනෙවිය අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ පැවතුණි.

විග්නරාජා මෙනෙවිය එහිදී පැවසූවේ, බදු ජාලය පුළුල් කිරීම සහ වැඩි පිරිසක් බදු ගෙවීම ක්‍රියාවලියට ග්‍රහණය කර ගැනීමේ ප්‍රධාන සාධකය වන්නේ බදු ගෙවීම සඳහා ඇතුළත් වීමේ ක්‍රියාවලිය සරල කිරීම බවයි. ඒ සඳහා ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය කරුණක් බවද පැවසීය.

බදු අංකයක් ලබා ගන්නා සෑම කෙනෙකුම බදු ගෙවීමට යටත් නොවන බව තහවුරු කිරීම මගින් ද බදු අංක ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වන බව තමා සතු ජාත්‍යන්තර අත්දැකීම් අනුව තහවුරු කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

බංගලාදේශය තුළ බදු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන බව එහි දී ඇය වැඩි දුරටත් සඳහන් කළේය.

කලක් දූෂිත බවට චෝදනා ඉල්ල වී තිබූ එරට රජයේ ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය සහ දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම මගින් වඩාත් ඵලදායී කාර්යක්ෂම ආයතනයක් වූ බව ඇය පෙන්වා දෙයි.

දිස්ත්‍රික් මට්ටමේ කාර්යාලවල සිට අද වන විට ප්‍රාදේශීය මට්ටම දක්වා විහිදී ගිය ඩිජිටල්කරණයට ලක් වූ කාර්යාල ජාලයක් මගින් එරට බදු ක්‍රියාවලිය සිදු කෙරන බව ඇය පෙන්වා දුන්නා ය. මෙහි දී මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා කියා සිටියේ බදු ජාලය ඩිජිටල්කරණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි. එසේ ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය පුළුල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවැසීය. ඉතාම අසීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිතරව සිටන අවස්ථාවක කිසිදු පාර්ශ්වයක් වෙත විශේෂ සහන ලබා දීමේ අවස්ථාවක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කිසියම් සංශෝධනයක් සිදු කළ හැක්කේ රට ශක්තිමත් ස්ථාවරයකට පැමිණීමෙන් පසුව බවයි.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී පිළිගත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් ලබා දුන් සහය අතිශය අගය කරන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. විශේෂයෙන් ම බදු ක්‍රියාවලිය සහ වැට් බද්ද පිළිබඳ සමාජය තුළ ඇති වී තිබෙන සංවාදය මෙහි දී ගැඹුරු ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් වැට් බද්දට යටත් නොවන භාණ්ඩ හඳුනා ගැනීමේ අපහසුව සහ ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිය ලාභය අරමුණු කරගනිමින් සිදු කරන සදාචාරාත්මක නොවන කටයුතු පිළිබඳ ද මෙහි දී අවධානයට ගැණිනි.

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් තව දුරටත් නව වැට් සංශෝධනය, නව ලියාපදිංචි කිරීම් සහ වැට් බද්දට යටත් නොවන භාණ්ඩ පිළිබඳ වඩාත් පුළුල් දැනුවත් කිරීමට ජනතාව වෙත ලබා දිය යුතු බව මෙහි දී අවධානයට ලක්ව ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...