*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පිහිඇණුමකට ලක් වූ දකුණු කොරියාවේ විපක්ෂ නායක Lee Jae-myung ට සැත්කමක්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ඊයේ (02) දින දී පිහිඇණුමකට ලක්ව තුවාල ලැබූ දකුණු කොරියාවේ විපක්ෂ නායක Lee Jae-myung මේවන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද(03) දින පැය දෙකකට වැඩි කාලයක් ඔහුට ශල්‍ය වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් සිදු කර ඇත. ඒ ඔහුගේ ගෙලෙහි ප්‍රධාන රුධිර නාලයක් කපා ඉවත් කිරීම සදහා බව ද සඳහන් වේ.

පිහි ඇණුම සිදු වූ බුසාන් සිට සෝල් වෙත ගුවන් මගින් Lee Jae-myung ගෙන යන ලද අතර, එහිදී ඔහුට හිසේ සිට හදවතට රුධිරය පොම්ප කරන නහර යථා තත්ත්වයට පත් කිරීම සදහා ආධාරක නලයක් ඇතුළු කිරීමට සැත්කමක් සිදු කර තිබේ.

පක්ෂ බලධාරීහු පවසන්නේ, රෝහලට ගෙන යන විට Lee Jae-myung සිහිසුන්ව සිටි අතර ඔහු මේවන විට දැඩි සත්කාර ඒකකයේ සුවය ලබමින් සිටි බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan