පාපැදි සහ මෝටර් රථ දෝෂ වෙනුවෙන් ඇමතිගෙන් වින්කල් සහ ගරාජ් සර්විස් එකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 04 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙන්ම ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය ද අක්‍රීයව පිල් බෙදී පවතින්නේ කාලයක සිටය.ඒවා එකතු වී එම ක්‍රීඩාවන් මේ පොළව තුළ ස්ථාපිත කර වැඩ පිළිවෙලක් ඇතුව ඉදිරියට පැඳ යාමේ උවමනාව තේරුම් ගැනීම වෙනුවට පුද්ගල සහ කණ්ඩායම් ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙසවීම නිසා එම ක්‍රීඩාවල ඉදරි ගමන ඇණ හිටී තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.
එවැනි වටපිටාවක ඔවුන් එකඟතා ඇති කර ගනිමින්,සාමූහිකව වැඩ කිරීමේ වැදගත්කම සහ ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිළි කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පාපැදි සම්මේලන නිලධාරීන් මෙන්ම මෝටර් රථ සංගම් එකොළහක නිලධාරී කණ්ඩායමක් ද ක්‍රීඩා අමාත්‍යංශයේදී හමු විය.


එහිදී පාපැදි සම්මේලනයට සම්බන්ධ පිරිස සමඟ අමාත්‍යවරයා, සම්මේලනය තුළ පවතින ගැටලු සහ පාපැදි ක්‍රීඩාව තුළ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රිඩා අමත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වන බව ද අවධාරණය කළේය.
එමෙන්ම පා පැදි සම්මේලනයේ සාමාජිකයින් අතර ඇති ගැටලු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ඉන්පසු පාපැදි කමිටුව පත් කිරීම, ඉන්පසු සම්මේලනය කැඳවා, නිලවරණයට පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. වර්තමානයේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ක්‍රීඩාව අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවත් , පසුගිය කාලය ම සම්මේලනවල, සංගම්වල අර්බුද විසඳීමට වැය වූ බවත්, සංගම් තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර බල අරගල වළින් ක්‍රීඩාවට අයහපතක් මිසක් කිසිඳු යහපතක් සිදු නොවන බැවින් සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


මෝටර් රථ ක්‍රීඩා සංගම් 11 සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව කළ සාකච්ඡාවේදී ද,කරන අමාත්‍යවරයා අවධාරණය කලේ, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් ක්‍රීඩාව ඉදිරියට පැමිණිය යුතු බවයි.
සාකච්ඡාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු ක්‍රීඩා අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූ අතර පාපැදි සම්මේලනයට අනුබද්ධ ආරාධිත සංගම්/සමාජ 66 ක් ද එක්ව සිටියහ.
මෝටර් රථ සංගම් 11 සමඟ සාකච්ඡාවට අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡාවට සහභාගි විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...