කවුරු බලපෑම් කළත් අගමැති අස්වෙන්නෑ. එතුමා තාම මහළු වයසට කිට්ටු වුණා විතරයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම එම තනතුරින් ඉවත්ව නොයන බවත් එතුමාව තනතුරින් ඉවත් කිරීමට වුවමනා වී ඇත්තේ කාටදැයි දැනගැනීමට තමන්ට ද වුවමනාවක් ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

“රටේ පැතිරෙනවා මේ අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා, අස්වෙනවා කියලා. නමුත් අගමැතිතුමා දැනුත් මේ පන්සලට ඇවිල්ලා ගියේ මාව හම්බුවෙලා. අපි ඇහුවා එතුමාගෙන් එහෙම දෙයක් තියෙනවාද කියලා. එතුමා දන්නෙත් නෑ !

මේ පරණ ප්‍රශ්නයක් ගොනු කරගෙන මේ කතා කරන්නෙ හැමදෙනාම. අපට දැනගන්න ඕනෙකම තියෙනවා මේ අගමැතිතුමාට අස්වෙන්න බලකරන්නෙ කවුද ? ජනාධිපතිතුමා බල කරන්නෙත් නෑ, වෙන කෙනෙක් බල කරන්නෙත් නෑ, ජනතාව බල කරන්නෙත් නෑ. අපි දැනගන්න කැමතියි එතුමාට අස්වෙන්න බලකරන පුද්ගලයා කවුද කියලා. නමුත් අපි කියනවා මොකා බලපෑම් කළත්, කවුරු තර්ජන ගර්ජන කළත්, ගෝරනාඩු කළත් අගමැතිතුමා අස්වෙන්නෙ නෑ. අස්වෙනවා නම් අපට කියලායි අස්වෙන්නෙ. අස්වෙන්න වුවමනාවකුත් නෑ, අස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඔවුන්ට කියනවා වහෙන් ඔරෝ භාෂාවෙන් කතා කරන්නෙ නැතුව කවුරුහරි පුද්ගලයෙක් ඉන්නවා නම් ‘මහින්ද වහාම අස්වෙයන්’ කියලා ප්‍රකාශයක් කරන්නය කියලා.

මේ රටේ ජනතාව මහින්ද මහත්තයාට අස්වෙන්න දෙන්නෙත් නෑ. එතුමා අස්වෙන්නෙත් නෑ. එතුමා අයින් වෙනවාය කියන්නෙ මේ රටේ ජනතාව අතරමං වෙනවා කියන එකයි. වයසට යනකොට අපෙත් දණහිස් අමාරු ඇතිවෙලා තියෙනවානෙ, ඒවා නියම වෙලාවට හරියයි. තවම එතුමා මහළු වයසට කිට්ටු වුණා විතරයි නෙ. ආගමානුකූලව බැලුවොත් ඒකයි”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (03) අග්‍රාමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහිමි බැහැදැක පිටව යාමෙන් අනතුරුව එහිමියන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...