Friday, March 31, 2023
spot_img

Latest Posts

දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල පොහොට්ටු සභාපතිත් තනතුරින් දොට්ට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. එම්. ටී. බී. දිසානායක මහතාව එම තනතුරින් ඉවත් කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සභාපතිවරයාව එම තනතුරින් ඉවත් කර ඇත.

වාරියපොල ප්‍රාද්ශීය සභාව සඳහා 2022 වසර වෙනුවෙන් සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය දෙවරක්ම පරාජයට පත්ව තිබුණු අතර එසේ තිබියදීත් ඔහු දිගටම සභාපති තනතුරේ කටයුතු කරගෙන යෑමට උත්සාහ දැරීම නිසා සභාව තුළ දැඩි ගැටුම්කාරී තත්වයක් ද පසුගියදා ඇතිව තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.