උකස්කර නිවාස ණය පිළිබඳව මහ බැංකුවෙන් නියෝගයක්

0
505

උකස්කර මත ලබාදෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන් නව නියෝගයක් නිකුත් කර තිබෙනවා. මුදල් නීති පනතේ නියෝග මත මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගයට අනුව නිවාස ණය සඳහා පළමු වසර 05 සඳහා ස්ථාවර පොලී අනුපාතිකයක් වියයුතු බවත් වසර 05 න් පසු පොලී අනුපාතය, මාසිකව සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතයට (AWPR) පදනම් අංක 200 ක අගයයක් එකතු කළ පාවෙන අනුපාතිකයක් විය යුතු බවත් සඳහන් වේ. එය සෑම මාස 06 කට වරක් සමාලෝචනය කළයුතු බවත් මහ බැංකු අධිපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

මෙම නියෝගය ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here