*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නව වසරේ සුබ පණිවුඩය

පවතින අති දුෂ්කර තත්ත්වය නොතකා රටේ ජනතාව වෙත තම දෑස් යොමු කිරීමට රජය තීරණය කිරීම සමස්ත රාජ්‍ය සේවකයාගේම පැසසුමට ලක්වනු ඇත.

විපක්ෂය සහ තවත් බඩගෝස්තර වාදීන් විසින් රටපුරා ලැව් ගිනි සේ අවුලවාලන කට කතා සහ බොරු ප්‍රචාර වලට ඇතැම් ජනතාව මුලාවී කුපිත වී ඇත. මේ වනවිට රජය ගත් මෙම වැටුප් වැඩි කිරීමේ තීරණයත් සමඟ අනාථ වූ විපක්ෂය හෙට දවසේ තවත් අසරණ වනු ඇත. ජනතාව මුලා කරවන්නට තවත් තාවකාලික මාතෘකාවක් නිර්මාණය කර ගැනීමට විශාල උත්සාහක් දැරීමට සිදුවනුව ඇත.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවේදීද එය ප්‍රචණ්ඩකාරී ලෙස හසුරවමින් රට අඳුරේ හෙලන්නට උත්සාහ ගත් ඇතැම් බල ශුන්‍ය පිරිස් වලටද රිදෙන්නට ඇත. මන්ද රජය විසින් මෙම ගන්නා සෑම යහපත් ක්‍රියාවක්ම ඔවුන්ගේ බලය සහ ඔවුන්ගේ ඉදිරි ගමන අගාධයකට නැවතත් ගමන් කරනු ඇත.
රටේ රාජ්‍ය ආයතන වල අනවශ්‍ය වියදම් කපා හැරීම තුළින් මේ වනවිට මිලියන 53 ක් පමණ භාණ්ඩාගාරය වෙත ලබා දී ඇත . මෙලෙස වැටුප් වැඩි කිරීමට රජය ට හැකිවුයේ ජනපති ගෙන ආ විශේෂ වංචා හා දූෂණය වැලැක්වීමේ වැඩපිළිවෙළයි.

මෙහිදී රටේ සියලු රාජ්‍ය සේවකයින් 1,450,450 ක් සිටින අතර එයට සංස්ථා, මණ්ඩල , අධිකාරි යන සියල්ල ද ඇතුළුව සියලු සේවකයින් සඳහා ජනවාරි මස සිට මාසික දීමනාවක් ලෙස රුපියල් 5,000 ක මුදලක් ලබාදීමට රජය කටයුතු කර ඇත .

එම දීමනාව ගුරු වැටුප් විශමතාවය ලැබී ඇති අයටද ලැබෙන බව විශේෂයෙන්ම කිව යුතුය .
තවද මේ වනවිට රටේ විශ්‍රාමික පිරිස 666,480 ක් සිටින අතර ඒ අයටද මේ දීමනාව ලැබේ. ඒ අනුව වසරකට රුපියල් 60,000 ක අතිරේක වැටුපක් ලැබෙන අතර ඒ සඳහා ,
බිලියන 87ක් රාජ්‍ය සේවකයින්ටත්
බිලියන 40ක් විශ්‍රාමිකයන්ටත් අතිරේක වියදමක් වැයවේ.

මීට අමතරව ආබාධිත රණවිරුවන් 42,655 දෙනෙකු හටත් මෙම රු, 5,000 දීමනාව ලබාදෙනු ඇත.

තවද මෙම දීමනාව පෞද්ගලික අංශයට ද ගෙවීමට එම ආයතන වල හාම්පුතුන් සමග සාකච්ඡා කර ඇති අතර එම ව්‍යසායකයින් ඒ පිළිබඳ සලකා බලාවියැයි රජය අපේක්ෂා කරයි.
එසේම අපේ රට තුළ සමෘද්ධි ලාභීන් 179,3000 කට අධික පිරිසක් සිටින අතර මේ වනවිටත් ඒ අය සඳහා 3,500 දීමනාවක් ලබා දෙන අතර එම 3,500 ට අමතරව තවත් අතිරේක රුපියල් 1,000 ක් ලබාදීමට කටයුතු කර ඇත.

තවද ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තීරණය කර ඇත්තේ යම් ආකාරයකින් අස්වැන්න අඩු වූවා නම් ඒ සඳහා වන්දි ගෙවීමක් පිළිබඳ සාකච්ඡා වී ඇති අතර වී වලට රු. 75ක සහතික මිලක් ලබා දීමට තීරණය කර ඇත. එය සහල් මිලට බල නොපාන ආකාරයට රජයේ සහනාධාරයක් ලෙස ලබා දීමට තීරණය කර ඇත.

“දිවිනැගුම” වැඩසටහනේ තේමාව වූ “අපි වවමු රට නගමු” යන තේමාව අදට ගැලපෙන මාතෘකාවක් වන අතර එයට අයත් වූයේ පර්චස් 20 වැඩි ඉඩ පරාසයක් තුළ වගා භූමි සකස් කළ ගෙවතු වගාවන් වන අතර එවැනි වගාවන් මේවනවිට 1,836,266 ක් ඇත. මෙම සියලු වගා කරුවන් හට රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත.

අක්කරයට අඩු පර්චස් 20 ට වැඩි ගෙවතු 22,38,831ක් ඇති අතර ඒ අයට රජය විසින් රුපියල් 10,000ක මුදලක් ලබාදෙනු ඇත. වගාවෙන් 6 මසකට පසු වගා බිම් සාර්ථක වී තිබුණහොත් නැවතත් එම රුපියල් 5,000 සහ 10,000 මුදල ලබාදීමට තීරණය කර ඇත. මෙයට ඇස්තමේන්තු ගත මුදල බිලියන 31 කි.

තවද වතු කම්කරුවන්ට තිරිඟු පිටි කිලෝ 15ක් රුපියල් 80 බැගින් බැගින් ලබාදීමට ද තීරණය කර ඇත.

තවද සියලුම අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ වර්ග බදු සියල්ල ඉවත් කර ඇත.

ගෙවුණු වසර දෙක යනු ගෙවාගැනීමට නොහැකි ලෙස අසීරු කාලයක් ගෙවූ අතර එම කාලයේ පීඩාවිදිමින් ඉවසා සිටි සියල්ලන් වෙනුවෙන් හදවතින්ම ස්තූති වන බව රජය පවසයි .

නව වසරේ විපක්ෂය සහ අනෙකුත් ජන ශුන්‍ය පක්ෂ වලට නැවත මාතෘකා ඉතිරි නොවන ආකාරයට දුන් කණේ පහර දරා ගැනීමට නොහැකි බව දනිමු. රට සදාකාලික සිඟමන් යදින තත්ත්වය පත්ව ඇති බව විපක්ෂ නායකත්වය ඇතුළු පිරිස ගෙයින් ගෙට ගොස් ජනතාව මුලා කරමින් කළ සියලු නාඩගම් වර්ෂය මුලම සුන් කිරීමට රජය ඉතාමත් සූක්ෂම ආකාරයෙන් කටයුතු කිරීම ඔවුන්ට ද සිතා ගත නොහැකි වනු ඇත.

සියලු දේ සාර්ථක ලෙස සිදු වද්දී ජනතාව තම යුතුකම් ඒ ආකාරයෙන් ඉටුකරනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

ජනතාවගේ ජනදුක හඳුනනවා යැයි කවි ගී ගයමින් ගිය අය අතර නිහඬ විසඳුම් හොයන වත්මන් ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා ලබාදුන් නිවැරැදි පිළිතුර සියලු දෙනාගේම අන්ධවී තිබූ දෙනෙන් හැරෙනු ඇත.

ජනතාව ලෙස වත්මන් රජයට හදවතින්ම ස්තූතිවන්ත වෙමු….

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan