*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පාලකයා ශක්තිමත් කිරීම

කිසියම් සංඝ සභාවක් රාජ්‍ය පාලකයකු ඔසොවා තබන්නේ හේතු සාධක ගණනාවක් මූලික කරගෙන ඔහු කෙරෙහි පවත්නා විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීම සඳහාය. රටේ අභිවෘද්ධිය, ශාසනයේ ස්ථාවරත්වය හා ජනතාවට සහන සැලැසීම ඒ අතර ප්‍රධාන වෙයි. රටේ අභිවෘද්ධිය යන්නට සාධක ගණනාවක් අයත් වෙයි. ආරක්ෂාව හා සමෘද්ධිය ඒ අතර ප්‍රධාන වෙයි.

ශාසනයේ අභිවෘද්ධිය යනුවෙන් අපේක්ෂා කරනුයේ වෙහෙර විහාර තැනීම පමණක් ම නොවේ. එහි මුඛ්‍ය අදහස වන්නේ ශික්ෂාකාමී හෙවත් විනයගරුක පොදු සමාජයක් ගොඩනැඟීමට දායක වීමය. පොදු ජනයාගේ සුභ-සිද්ධිය යනු ඔවුන් අතුරු ආන්තරායෙන් ගලවාගෙන සුඛිත-මුදිත ජීවිතයක් උදා කිරීමය. වත්මන් ජනාධිපතිවරයා මේ සියල්ල වෙනුවෙන් උපරිම කැප වීමකින් ක්‍රියා කර ඇත.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කළ ඡන්ද පදනම දෙස ආපසු හැරී බැලුව‍හොත් එය මුළුමනින්ම පාහේ සිංහල බෞද්ධ පදනම මත ගොඩනැඟුණු බලවේගයක් ලෙස හැඳින්වීම නිවැරැදිය. බෞද්ධ පදනම කිසි විටෙකත් අන්‍ය ආගම් නොසලකා හරින්නට පෙලඹෙන්නේ නැත. ආගමික සහජීවනය හා ජාතික සමඟිය බෞද්ධ පදනමේ ඇති හරයාත්මක සාධකයකි. ජනාධිපතිවරයා ඒවා හොඳින් වටහා ගෙන සිය රාජ්‍ය පාලනය ගෙන යන බව පෙනෙයි. එය භික්ෂු-සංඝයා ද අනුමත කරන්නේ නම්, විශාල ශක්තියකි. ජනාධිපතිවරයා සිය රාජකාරි ආරම්භ කළේ ද ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් ජනතාවට ප්‍රතිඥාවක් ලබා දෙමින්ය. අපේ උරුමය හා ශිෂ්ටාචාරය පිළිබඳ නායකයා දක්වන සැලැකිල්ල එයින් සනාථ වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වීමට පෙර පටන් විශිෂ්ට ජාතික සේවාවක නිරත වූ තැනැත්තෙකි. ඔහු ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම උදෙසා විශිෂ්ට හමුදා සේවයක යෙදී ඒ වෙනුවෙන් ගෞරව සම්මාන ලබා ඇත. ආරක්ෂක ලේකම්වරයා ලෙස ක්‍රියා කරමින් ත්‍රස්තවාදය හා බෙදුම්වාදය රටෙන් අතුගා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වී ඇත. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර කිහිපයකට ලක් වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවි ගලවාගෙන ඇත්තේ ජාතියේ පිනකට යැයි කිව හැකිය. නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ ඔහු කුණු ගොඩක් ලෙස පැවැති කොළඹ සුන්දර නගරයක් බවට පත් කළේය. ඔහු ජනාධිපති ‍පදවිය ලැබීමටත් පෙර සිට ජාතික වීරයකු ලෙස පිදුම් ලැබුවේය.

ඕනෑම රාජ්‍ය පාලන සම‍යක් තුළ දුෂ්කර අවස්ථා මතු වෙයි. පසුබෑම් හා ඇදවැටීම් යනු රටක පොදු ධර්මතාවකි. ඒවා දරාගනිමින් ඉදිරියට යෑම සඳහා හොඳ ආත්ම ශක්තියක් පාලකයා තුළ තිබිය යුතුය.

මෙබඳු දුෂ්කර කාලයක වඩාත් වැදගත් වන්නේ සාමූහිකව අභියෝගවලට මුහුණදීමය. ඒ සඳහා පාලකයා ශක්තිමත් කිරීම අපගේ ද යුතුකමකි. වගකීමකි. කෝට්ටේ කල්‍යාණී ශ්‍රී සංඝ සභාව එම වගකීම ඉටු කර ඇත.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan