මම අමද්‍යපයි කියලා මුලු රටම දන්නවා ජොනී විතරයි දන්නෙ නැත්තෙ – සජිත්

Date:

කෝටි ගණන් මුදල් වැයකර වයින් බිබී පාටි දැමීමට තමාට වේලාවක් නොමැති බවත් මේ දිනවලදී ජනතා දුක විමසමින්, විපක්ෂ නායකයා ලෙස ඊට හැකි ප්‍රමාණයෙන් විසඳුම් ලබාදෙමින් රටවටා සංචාරය කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ර‌ටේ ජනතාව තුන්වේලක් තබා එක් වේලක් හෝ පිරිමසා ගත නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව සිටිද්දී වයින් බිබී බාල් නැටීමට කිසිදු නායකයෙකුට නොහැකි බවද ඔහු අවධාරණය කරනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව විපක්ෂ නායකයාගෙන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා සිය බිරිඳ සමග කෝටි ගණන් වැයකර වයින් බිබී පාටි දාන බවයි. ඉන්පසු පොළට ගොස් ආර්ථිකය බිඳවැටී ජනතාව කන්න බොන්න නොමැතිව අසරණ වී සිටින බවට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන බවද ඇමතිවරයා සඳහන් කර තිබිණි.

විපක්ෂ නායකයා වැඩිදුරටත් පවසා සිටියේ තමා අමද්‍යප පුද්ගලයෙක් බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා නොදැන සිටියද රටේ සමස්ත ජනතාවම හොඳින් දන්නා බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...