සුසිල් ප්‍රේම්ජයන්ත් ඉවත් කළේ විනය ප්‍රශ්නයක් නිසා – ජනාධිපති වෙනුවෙන් නාමල් පිළිතුරු බඳියි (VIDEO)

Date:

සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට හේතු වී ඇත්තේ විනය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (04) කොළඹදී මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු විවේචනය කිරීම ගැන ගැටළු කිහිපයක් පැනනැගුණු අතර මේ ගැන පියවරක් නොගන්නේ ඇයිද යන්න බොහෝදෙනෙක් ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවත් ඒ අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සම්බන්ධයෙන් අධිකරණයට ගිය විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන්ට එරෙහිවත් විනය පියවර ගත යුතුව තිබෙනවා නේදැයි යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

කෙසේවෙතත් ආණ්ඩුවක සිටින්නේ නම් සාමූහික වගකීම යටතේ ක්‍රියා කළ යුතු අතර යම්කිසි ක්‍රියාවකට අකමැති නම් කැබිනට් මණ්ඩලයේදී හෝ කණ්ඩායම් රැස්වීමකදී කතා කළ හැකි බවද හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...