මදුරෝ පණිවුඩය ….

Date:

ඉතාම රහසිගත ලෙස ගොඩබැස්සවිය හැකි ඇමෙරිකාවේ නිෂ්පාදිත ලොක්හීඩ් RQ 170 වර්ගයේ රහස් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඊයේ ට්‍රම්ප් පාලනය විසින් වෙනිසියුලාවේ ‘වාම නැඹුරුවක්’ සහිත ජනාධිපතිවරයෙක් වූ නිකොලස් මදුරෝ පැහැරගනු ලබනවා (මේ වචනය කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ).

ඇමෙරිකාවේ ජනමාධ්‍ය කියන්නේ මදුරෝ ඒකාධිපති කෘර පාලකයෙක් කියල. නමුත් එයා පත්වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ චන්දයෙන්. රටක මිනිස්සු දෙන චන්ද අවුල්ද නැද්ද කියන එක වෙනම කතාවක්.

වෙනිසුයිලාවේ තෙල් සම්පත වගේම මදුරෝගේ චීන සම්බන්දය මේ ආක්‍රමණය සඳහා සඳහා බලපාන්න ඇතිකියල ගොඩක් කට්ටිය කියනවා.

සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන මෙම RQ වර්ගයේ ඩ්‍රෝන යානා ට්‍රම්ප් මෙම මෙහෙයුම සඳහා පාවිච්චි කරනවා (RQ 170 sentinel stealth drone). ඔහු එයින් පණිවුඩ කිහිපයක් ලෝකයට දෙනවා. එකක් තමයි ඇමෙරිකානු තාක්ෂනය සතු අතිශයින් නිවැරදි ඉල්ලකයට ඔත්තු බැලීමේ හැකියාව. සහ ඒ ඔස්සේම ඉතාම නිවැරදි ඉල්ලක වෙත ලඟාවෙමින් අපේක්ෂිත ඉල්ලකය ග්‍රහණය කරගැනීමේ හැකියාව. මෙම යානා දැන් වසර පහළොවක් පමණ පැරණි වුවත් සාමාන්‍ය නිරීක්ෂණවලට හසුවෙන්නේ නැහැ (very low observable aircrafts).

මේක මදුරෝ ගැනම ප්‍රශ්නයකට වඩා තියෙන්නේ වෙනත් හැඟවුමක්. එක අධිරාජ්‍යයක් විසින් තවත් නැගී එන අධිරාජ්‍යයකට දෙන රතු පණිවිඩයක් මේක (red alert).

ඇමෙරිකාව කියන්නේ මෙහෙම දෙයක්.

“අපිට පුළුවන් ලෝකේ ඕනෑම තැනකට ගිහිල්ල ඕනෑම එකෙක් අල්ලගෙන එන්න. ඒකට ඕනි තාක්ෂණ ආධිපත්‍ය අපිට තියනවා. ඒ නිසා පරිස්සමින් හිටපල්ලා!

අනික තමයි අපේ ගෝලීය ඇමෙරිකන් ආධිපත්‍ය දැන් නැතිවෙලා කියල උඹල හිතන්න එපා. ඒක තවම තියනවා.

මේ වගේ වැඩ කරන්න තවමත් පුළුවන් අපිට විතරයි…”

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...