තවත් පරීක්ෂණ කමිටුවක්: 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය..

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW :

නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබෙන බව වාර්තා වේ.

ඊට අමතරව, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ, සිද්ධියට වගකිව යුත්තන් සොයා, තවත් පරීක්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවයි.

තවද,  6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදා හැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද පැවසීය.

ඔවුන් දෙන නිර්දේශ මත පදනම්ව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ළමුන් අතට පත් කිරීමට කඩිනමින් පියවර ගැනීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබෙන බව සඳහන් වේ.

අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, එම නිලධාරීන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...