එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව ඉතාම විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව, නුදුරු දිනකදී කොළඹදී රහසිගතව මෙම හමුව පැවැත්වෙනු ඇති බවයි දෙපාර්ශ්වයටම සම්බන්ධ සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.
දැනට විදේශගතව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නීතීඥ, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම හමුව සඳහා ස්ථානය සහ වේලාව නියම කරගැනීමට සාකච්ඡා කරනු ඇති බවත් වාර්තා විය.
රනිල් – සජිත් හමුවට පෙර පක්ෂ දෙකේ මහලේකම්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.


