වෙනිසියුලාව ට්‍රම්ගේ පාලනයට ගනිමින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු නායක නිව්යෝර්ක් වෙත රැගෙන එයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනා සම්බන්ධ චෝදනා මත එක්ස්ත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් වෙත ඊයේ(03)අලුයම ප්‍රහාර දියත් කර වෙනිසියුලානු ජනාධිපති  නිකොලස් මධුරෝ හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෙනිසියුලාව ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය යටතට ගෙන තිබේ.

මධුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ස්ටුවර්ට් එයාර් ජාතික ආරක්ෂක කඳවුරට ගොඩ බැස්ස අතර පසුව හෙලිකොප්ටරයකින් මෑන්හැටන්හි DEA කාර්යාලයට ගෙන යාමෙන් අනතුරුව බෘක්ලින් හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇත.

ජනාධිපති ට්‍රම්ප් USS අයිවෝ ජිමා නෞකාවේ ඇස් බැඳගෙන සිටින මධුරෝගේ ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය හරහා බෙදාගනිමින් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදයට එරෙහිව මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී කුමන්ත්‍රණය, කොකේන් ආනයන කුමන්ත්‍රණ හේතුවෙන් මදුරෝ අත්අඩංගුවට ගත් බවත්, එක්සත් ජනපදයට වෙනිසියුලාවේ ජනතාව පොහොසත්, ස්වාධීන සහ ආරක්ෂිත බවට පත් කිරීමට හැකි බවත්, නිසි සහ යුක්තිසහගත සංක්‍රාන්තියක් කළ හැකි කාලයක් එනතුරු එක්සත් ජනපදය වෙනිසියුලාව පාලනය කරනු ඇති බවත්, වෙනිසියුලානු තෙල් සංචිත එක්සත් ජනපද සමාගම් විසින් ප්‍රයෝජනයට ගත හැකි පරිදි සුදානම් කරනු ඇති බවත්ය.

කෙසේ නමුත්, මේවන විට වෙනිසියුලාව අතිශයින්ම බරපතල මිලිටරි ආක්‍රමණයක් හෙළා දකිමින් ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රාජ්‍ය රූපවාහිනිය හරහා නිවේදනය කර තිබුණේ, මධුරෝ රටේ එකම ජනාධිපතිවරයා බවයි.

මදුරෝ පැහැරගැනීම ජාත්‍යන්තර නිතිය දැඩි වශයෙන් උල්ලංගනය කිරීමක් වශයෙන් නීති විශාරදයින්, ලෝක නායකයින් සහ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නීති සම්පාදකයින් පරිපාලනයේ ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ කාර්යාලය නිවේදනය කර තිබුණේ, මෙය අතිශය වැරදි පුර්වාදර්ශයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...