සීඑච්, සීආර් සහ මහනුවර ජය ලබති

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW:

මැලිබන් ජාතික රග්බි සූරතාවලියේ නව වසරේ පැවති ප්‍රථම තරග තුණේ ජයග්‍රහණයන් හිමි කර ගන්නට සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම, සීආර් ඇන්ඩ් එෆ්සී සහ මහනුවර කණ්ඩායම් සමත් වුණා.මහනුවර කණ්ඩායම සමඟ පැවති තරගයේදී අර්බූදකාරී තත්ත්වයන් රැසකට මුහුණ දුන් සීඑච් කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්ත ද,එම සමවීම වෙනුවෙන් තරග විනිසුරු තීරණ ද බල පෑ බව බොහෝ දෙනාගේ මතයයි.මේ අර්බූද සහිත මෑත ඉතිහාසය සමඟ අතීත කළු පැල්ලම් ද මතුවෙමින් සීඑච් සමඟ ඇති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පොඩි පුතු වන රෝහිත රාජපක්ෂගේ සීඑච් පුහුණුකාරීත්වය ද මේ සිඳුවීම්වලට ඈදෙමින් තැණුන කතාවලට තවමත් පියාපත් ලැබෙමින් තිබෙනවා.


කෙසේ වුවත් මහනුවර ක්‍රීඩා සමාජයට දැඩි සීමා පැනවීමට රග්බි පරිපාලනය ක්‍රියා කළ ද,ඊට වඩා වැදගත් තීරණයකට සිය විධායක සභාව එකඟ කරවා ගැනීමට වත්මන් ශ්‍රී ලංකා රගර් සභාපති පවිත්‍ර ප්‍රනාන්දුට හැකි වී තිබෙනවා.සමහර අවස්ථාවන්වලදී මහනුවර ක්‍රීඩා සමාජය රග්බි පරිපාලනය විසින් පනවන පොදු නීතිමය ආකෘතිවලට ඇතුළත් නොවී එයින් පිටතට පැමිණ ක්‍රියා කළා.එවැනි අවස්ථාවන් හී දී පැවති පරිපාලනයන්ට සහය නොඳුන් කණ්ඩායම් පවිත්‍ර හරහා ඉටු කර ගන්නට බලාපොරොත්තු වූ පරණ තත්ත්වය නොසළකා හරින්නට පවිත්‍ර සමත්ව තිබෙනවා.එසේම විනිසුරුවන් සහ තීරකයන් පරිපාලනයේ තීරණවලට අත පොවන මානයෙන් කටයුතු කළ අතර මේ වන විට එහි සාධාරණත්වය අපේක්ෂාවෙන් විදෙස් තරග තීරකයින් කැඳවීම මෙන්ම විනිසුරුවන්,තීරකයන්,තරග නිලධාරීන් වැන අයගේ දැණුම ඉහළට ගෙන ඒමට අවධානය යොමු කර තිබෙනවා.එහි යටි අරුත,එම වගකීම් දැරූ අය සිය වගකීම් ඉටු කිරීමේදී යම් අඩුවක් හිස් තැනක් ඉතිරි කර තිබෙන බවයි.

ඒවා සම්බන්ධයෙන් විනිසුරු කාර්යය අත පෑ නොහැකි තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට ඉඩ නොදී එහි අවශ්‍යයතාවය රටේ රගර් දියුණුව සඳහා අවශ්‍යය බව පෙන්වමින්,සංශෝධන අවශ්‍යයතා තේරුම් ගනිමින්,පවිත්‍ර මේ කාරණාවන් සම්බන්ධයෙන් සිය විධායක සභාවන් සමඟ එකඟතාවයන් ඇති කර ගනිමින් ඉදිරියට යාම වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.


කෙසේ නමුත් මේ සති අන්තයේ සීඑච් කණ්ඩායමට මහනුවර තරගය සම කර ගැනීමේ ක්‍රියාවලියේ ඇති වූ කුණු පැල්ලම සෝදා හැර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩාංඝණයේදී ලැබුණෙු යුද හමුදාව හමුවීමටයි.මහනුවර කණ්ඩායම සීඑච් වෙතින් සිඳු වූ හානියේ වාඩුව ඉකුත් සතියේ ශ්‍රී ලයන්ස් වෙතින් සපුරා ගත්තේ 91 – 3 ක් ලෙස මෙන් සීඑච් කණ්ඩායමත් යුද හමුදා කණ්ඩායමට විශාල තර්ජනයක් එල්ල කරන්නට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කළත්,තරගයේ පළමු අර්ධය ගෙවී ගියේ කරට කර සටනක් සමඟයි.සීඑච් කණ්ඩායම පෙරමුණ ගත්තේ 19 – 17 ක් ලෙස යි.


එහෙත් දෙවන භාගයේ තත්ත්වය වෙනස් කළ සීඑච් ක්‍රීඩකයින් යුද හමුදා ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නේ තවත් ලකුණු 8 ක් ලබා ගැනීමට පමණයි.ඒ කාලය තුළ ඔවුන් සිය ලකුණු පූවරුව 43 දක්වා ඉහළ නංවා ගනිමින් ලකුණු 24 ක් ලබා ගන්නට සමත් වුණා.යුද හමුදා කණ්ඩායමේ විනෝද් කුමාර් උත්සාහක දිණුම් 3 ක් ද,බුද්ධි ශ්‍රීමන්ත එක් උත්සාහක දිණුමක් ද ලබා ගැනීමට සමත් වූ අතර වික්ටර් ප්‍රදීප් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කරමින් සහ නිදහස් පහරක් සාර්ථක කර ගනිමින් යුද හමුදා ලකුණු පූවර්ව 25 දක්වා ඔසවා තැබීමට දායක වුණා.
සීඑච් කණ්ඩායම සිය ලකුණු පූවරුව පොහොසත් කළේ උත්සාහක දිණුම් හතකින් සහ එම උත්සාහක දිණුම් හතරක සාර්ථක ප්‍රවර්ථන තුළින්ය.ප්‍රසාත් මධුශංක උත්සාහක දිණුම් 2 ක් ලබා ගත් අතර දේවින්ද කුමාර,ජනිත් චන්දිමාල්,මලික්ෂ පෙරේරා,යසස කවිඳු සහ යොමාල් සාරංග සීඑච් කණ්ඩායම වෙනුවෙන් එක් උත්සාහක දිණුම බැඟීන් වාර්තා කරන්නට සමත් වුණා.එම උත්සාහක දිණුම්වලින් සාර්ථක වූ ප්‍රවර්ථන හතරෙන් දෙකක් ජනිත් චනදිමාල් නමින් ද ඉතිරි දෙක යසස් කවිඳු අතින් ද සාර්ථකව නිමා වුණා.
ප්‍රබල තරගකාරීත්වයක් අපෙක්ෂා කළ තරගයක් වූ සීආර් ඇන්ඩ් එෆ්සී සහ හැව්ලොක් කණ්ඩායම් අතර තරගයේ බලාපොරොත්තු වූ උණුසුම දකින්නට ලැබුණේ නැහැ.සිතූ තරමට වඩා පහසු ජයග්‍රහණයක් අත් කර ගනිමින් සීආර් කණ්ඩායම ලකුණු 38 – 14 ක් ලෙස හැව්ලොක් කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවා.පළමු අර්ධය ගෙවෙද්දි සීආර් ක්‍රීඩකයින් ලකුණු 14 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේදී වඩාත් ප්‍රෙව්ගකාරී ලෙස තරගයට පිවිසි සීආර් ක්‍රීඩකයින් එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 24 ක් එකතු කර ගත්තේ හැව්ලොක් ක්‍රීඩකයින්ට ලකුණු 7 ක් පමණක් ලබා ගන්නට ඉඩ හරිමින් වීම කැපී පෙණුනා.කෙසේ නමුත් තරගයේ 77 ව විනාඩියේදී සීආර් කණ්ඩායමේ ෂෙනාල් අධිකාරම් රතු කාඩ් පත් අවවාදය ලැබ පිටියෙන් ඉවත් කිරීම ජයග්‍රහණයේ ගෞරවය යම් තරමකට පළුඳු කිරීමක් වූවා.
තරගයේදී ෂීආර් ක්‍රීඩකයින් ලද ලකණු 38 ට උත්සාහක දිණුම් හයක් ඇතුළත් වුණා.තෙනුක නානායක්කාර මේ තරගයේදී තමන් ලබා ගත් උත්සාහක දිණුමට අමතරව කණ්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් හයෙන් හතරකම නිවැරදි ප්‍රවර්ථනය සිඳු කිරීමට සමත් වුණා.සුබෙයිර් දොරේ,අමිතුන්නායි විසෙසියෝ ජූනියර්,චමෝද් මුතුනායක,එනසි වකනිසවු සහ ලසිඳු කරුණාතිලක සීආර් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් ලබා ගැනීමට සමත් වුණා.
හැව්ලොක් කණ්ඩායමේ ලකුණු 14 ලබා ගැනිමේ දී උත්සාහක දිණුම් දෙකක් වාර්තා කළ අතර එම උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන ද සාර්ථකව අවසන් කරන්නට සමත් වුණා.
ගෙවුණු වසර නිමා කරන මොහොතේ ශ්‍රී ලයන්ස් කණ්ඩායම සමතලා කරන ලකුණු පූවරුවක් සහිතව ජයගත් මහනුවර කණ්ඩායම නව වසරේ ආරම්භයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 36 – 22 ක් ලෙස ජයග්‍රහණයක් සටහන් කර ගනු ලැබුවා.එහි ප්‍රථම අර්ධය සම්පූර්ණයෙන් තමන් යටතට ගත් මහනුවර කණ්ඩායම ලකුණු 29 ක් රැස් කළේ ප්‍රතිවාදීන්ට සිය සීමාව ආක්‍රමණය කරන්නට කිසිඳු අවස්ථාවක් ලබා නොදෙමින්.
දෙවන අර්ධයේදී ගුවන් හමුදාව ක්‍රියාත්මක වූයේ මහනුවරට තවත් ලකුණු 7 ක් පමණක් එකතු කර ගන්නට අවස්ථාව ලබා දෙමින්ය.ගුවන් හමුදා කණ්ඩායම එහිදී ලකුණු 22 ක් එක් කර ගත් අතර යළිත් ප්‍රතිවාදීන්ට පෙනල්ටි ට්‍රයි දිණුමක් ලබා දෙමින් නීති විරෝධි ක්‍රීඩා රටාවක යෙදුණු මහනුවර එම ලකුණු 22 න් 7 ක් ගුවන් හමුදාවට ලබා දුනි.ගුවන් හමුදාව වෙනුවෙන් ශාමික කවුශාන් උත්සාහක දිණුම් දෙකක් සහ මලීශ වීරකෝන් එක් උත්සාහක දිණුමක් වාර්තා කරන්නට සමත් විය.
මහනුවර කණ්ඩායමේ ලකුණු 36 සඳහා උත්සාහක දිණුම් 6 ක් දායකත්වය ලැබී තිබිණ.ආසිරි සෙනවිරත්න ඉන් තුනක් සාර්ථක ලෙස ප්‍රවර්ථනය කරන්නට සමත් විය.ඩ්ල්ෂාඩ් ෆරීඩ්,කවිඳු පෙරේරා,ඩිනාල් ඒකනායක,හේෂාන් ජෙන්සන්,ධනුෂ්ක රන්ජන් සහ දහන් වික්‍රමසිංහ මහනුවර කණ්ඩායමේ ලකුණු පූවරුව පොහොසත් කිරිම සඳහා උත්සාහක දිණුම් එකතු කළ ක්‍රීඩකයෝ වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...