පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත් කෙරේ

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විට නිකුත් කර ඇති බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා.

පළාත් පාලන ආයතන 341 න් ආයතන 340 ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...