“නව වසරේ පළමු වෙඩි මුරය” ආර්ථික අපරාධයේ වන්දිය ජනතාවට පටවන රනිල්-රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තේමාව කොටගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(04) දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබූ අතර ඒ සදහා වෘත්තීය සමිති හා බහුජන සමිති රැසක සාමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
බඩු මිල වැඩි කිරීම, රාජ්‍ය ආයතන විකිණීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසටත් ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඇතුළත් සටන්පාඨ සහිත පුවර ඔසවාගෙන සහ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
සියලුම ඡායාරූප නරඹන්න.