ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග…

Date:

ඇප මත මුදා හැර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලායාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

කජිපානී ඉම්රාන්ගේ ඇපකරුවන්වන්නේ ඔහුගේ මව සහෝදරයා සහ තවත් පුද්ගලයෙකි.

ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලද කංජිපානි පසුගිය දෙසැම්බර් 20 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් මත මුදා හැරුණේ විදෙස් ගමන් තහනමක් ද සමගයි.

ඉන් දිනකට පහකට පසු කංජිපානී ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කළේ ය.

අධිකරණ නියෝගකට අනුව කංජිපානී සෑම මසකම අවසාන ඉරිදා මාලිගාවත්ත පොලිසියට වාර්තා කළ යුතු අතර එලෙස වාර්තා නොකිරීමත් සමග එම පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ, ඒ අනුව කංජිපානී ඉම්රාන්ගේ ඇපකරුවන් වන ඔහුගේ මව සහෝදරයා ඇතුළු පිරිසට ලබන මාර්තු මාසයේ යෙදී ඇති මිළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනි සිටින ලෙස දැනුම් දුන් බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...