හෙට (05) සිට ක්රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 – 300 අතර ගණනකින් අඩුවනු ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.
නව මිල ගණන් හෙට දිනයේදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
RN