පාඨලී කංචනට අභියෝග කරයි!

Date:

ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව, හිටපු විදුලි බල අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පසුගිය අඟහරුවාදා අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදි ජල විදුලි උත්පාදනය වැඩිකිරිම මගින් මෙහෙයුම් ලාභ ලබන බවයි.

අදාළ මෙහෙයුම් ලාභය 2022 අගෝස්තු මාසයේ විදුලි ගාස්තු වැඩි කිරිම නිසා සිදුවූවක් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ, 2017 සිට 2022 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේම මුල්‍ය ප්‍රකාශන ගත් විට , ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් කරන ලද ප්‍රකාශ අසත්‍ය සහ නොමග යවන සුලු ඒවා යැයි පෙනී යන බවයි.

කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසන්නේ, 2022 ඔක්තෝබර් මාසයේදි ගාස්තු වැඩි නොවුණා නම්, විදුලිබල මණ්ඩලයට මාසකට රුපියල් බිලියන 11 පාඩුවක් සිදුවන බවයි.

2022 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ජල විදුලි උත්පාදනය ගිගාවොට් 635.5 ක් සහ 655ක් වු බවත්, එමගින් මණ්ඩලයේ වියදම් අඩුවු බවත්, හිටපු අමාත්‍යවරයා බලශක්ති උත්පාදනය පිළිබඳ ප්‍රකාශන උපුටා දක්වමින් සඳහන් කර තිබේ.

2022 අගෝස්තු මාසයේදි මණ්ඩලය එවැනිම ජල විදුලි උත්පාදනයක් සිදු කළ අතර මේ දක්වා අර්ධ වශයෙන් ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනය සමග පාඩුව බිලියන 9 ක් බව රණවක මහතා පෙන්වා දෙන කරුණකි.

අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රකාශ කිරීමට පෙර වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඔහුගේ ගණිතය පිළිබඳ දැනුම පරික්ෂා කර ගන්නා ලෙස ද හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉල්ලා සිටී.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය