*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

වැට් බද්ද හා බඩු මිල – සිදුවන්නේ කුමක්ද ?

වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු.

තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ අගය කියන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක විකිණුම් මිල සහ එහි යෙදවුම් පිරිවැය අතර වෙනස. මේ කොටස මත අදාළ බද්ද රජයට ගෙවන්නේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදකයා විසින්. මෙහිදී අතරමැදියන්ද සලකා තිබෙන්නේ අගය එකතු කිරීමක් කරන සේවා නිෂ්පාදකයින් ලෙසයි.

හැබැයි මෙහෙම කිවුවත්, ඇත්තටම බද්දේ බර දරන්නේ පාරිභෝගිකයා විසින්. නිෂ්පාදකයා විසින් කරන්නේ පාරිභෝගිකයාගෙන් එම බද්ද අය කරලා රජයට දෙන එක.

වැට් බද්ද එන්න කලින් තිබුණු පිරිවැටුම් බදු ක්‍රමයේදීත් බද්ද අය කළේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණද්දී එහි විකිණුම් මිලෙන් ප්‍රතිශතයක් විදිහටයි. ඒ ක්‍රමයේ තිබෙන ප්‍රශ්නය එකම භාණ්ඩය හෝ සේවාව මත අදියර කිහිපයකදී නැවත නැවත බදු ගෙවන්නට සිදු වීම. සාමාන්‍ය මූලධර්මයක් විදිහට වැට් බදු ක්‍රමයේදී මේ වැඩේ වෙන්නේ නැහැ. වැට් බද්දේ මූලධර්ම අනුව, භාණ්ඩයක් හෝ සේවාවක් අවසන් පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා මිලේ ප්‍රතිශතයක් පමණයි අවසාන වශයෙන් රජයට බදු සේ එකතු වෙන්නේ. ඊට කලින් අදියර වලදී අය කෙරෙන වැට් බදු රජය විසින් ආපසු ගෙවනවා.

හරියටම කිවුවොත්, කිසියම් නිෂ්පාදකයෙකු විසින් දරනු ලැබූ යෙදවුම් පිරිවැය සඳහා ගෙවූ වැට් බදු කොටස ආපසු ලැබෙනවා. ඒ නිසා, නිෂ්පාදකයෙක් විසින් අවසාන වශයෙන් කරන්නේ තමන් විසින් එකතු කළ අගය මත පමණක් බදු ගෙවන එක. ගෙවන එක කිවුවත් අවසන් පාරිභෝගිකයාගෙන් සෘජුව හෝ වක්‍රව රජයට එකතු කරලා දෙන එක.

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ ඒ රටේ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළදපොළ වටිනාකම. මේ සියලුම භාණ්ඩ හා සේවාවන් මත එකම අනුපාතයකින් වැට් බදු අය කරනවානම් රජයේ වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතික විය යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එක් එක් නිෂ්පාදකයා විසින් සිදු කළ අගය එකතු කිරීම් වල එකතුවද වන නිසා එය එසේ විය යුතුයිනේ. එහෙත් විවිධ බදු නිදහස් කිරීම් නිසා ප්‍රායෝගිකව මෙය මෙලෙසම වෙන්නේ නැහැ.

දළ දේශීය නිෂ්පාදිතය තුළ අදියරෙන් අදියර අගය එකතු කිරීම් වන පරිදිම ඊට සමානුපාතිකව වැට් බදුද එකතු වෙනවා. මෙය මූලික නිෂ්පාදන වල සිට අවසන් පාරිභෝගිකයා දක්වා එන දාමයක්. එය මෙවැන්නක් විය හැකියි.

මොරකැටියේ කෙසෙල් ගොවියා -> ඇඹිලිපිටියේ කෙසෙල් එකතු කර කොළඹට ප්‍රවාහනය කරන්නා -> පිටකොටුවේ තොග වෙළෙන්දා -> හෝමාගම සිල්ලර වෙළෙන්දා -> පනාගොඩ පාරිභෝගිකයා

පහසුව සඳහා අපි අගය එකතු වීමේ අදියර තුනක් සලකමු.

නිෂ්පාදකයා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා

මේ එක් එක් අදියරේදී අගය එකතු වීම මේ විදිහට කියා හිතමු.

ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක නිෂ්පාදකයාට ලැබෙන මිල – රුපියල් 100

තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට ලැබෙන මිල – රුපියල් 150

පාරිභෝගිකයාට ලැබෙන මිල – රුපියල් 200

මෙහිදී නිෂ්පාදකයා විසින් රුපියල් 100ක අගය එකතු කිරීමක් කරන අතර තොග වෙළෙන්දා විසින් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද, සිල්ලර වෙළෙන්දා විසින් තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද කරනවා. ඒ අනුව, පාරිභෝගිකයාට රුපියල් 200ක් ගෙවන්නට සිදු වෙනවා.

දැන් මේ සියලු දෙනාටම 20%ක වැට් බද්දක් ගෙවන්නට සිදු වුනොත් වෙන්නේ කුමක්ද?

නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. ඒ අනුව, නිෂ්පාදකයා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 100 නිෂ්පාදකයාට ලැබෙනවා.

තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවන අතර තොග වෙළෙන්දා විසින් නිෂ්පාදකයාට ගෙවූ රුපියල් 20ක වැට් බද්ද තොග වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, තොග වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 තොග වෙළෙන්දාට ලැබෙනවා.

සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවන අතර සිල්ලර වෙළෙන්දා විසින් තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද සිල්ලර වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, සිල්ලර වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 සිල්ලර වෙළෙන්දාට ලැබෙනවා.

අවසාන වශයෙන් රුපියල් 40ක මුළු බදු මුදලම ගෙවා තිබෙන්නේ පාරිභෝගිකයා විසින්. එයින් රුපියල් 20ක් නිෂ්පාදකයා විසින්ද, රුපියල් 10ක් තොග වෙළෙන්දා විසින්ද, තවත් රුපියල් 10ක් සිල්ලර වෙළෙන්දා විසින්ද රජයට එකතු කර දී තිබෙනවා.

කෙසේ වුවත්, සියලුම නිෂ්පාදකයින් (සේවා නිෂ්පාදකයින්ද ඇතුළුව) වැට් බදු සඳහා ලියා පදිංචි වූවන් නොවන නිසා ප්‍රායෝගිකව මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ. වැට් බදු ආපසු ලැබෙන්නේ වැට් බදු සඳහා ලියා පදිංචි වූ අයට පමණයි. එසේ නොකළ අයට වැට් බදු අය කරන්නත් බැහැ.

දැන් මෙහි නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් අය කරන්නේ රුපියල් 100ක් පමණයි. එහෙත් තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන්, කලින් මෙන්ම, රුපියල් 180ක් (150 +30) අය කරනවා. එසේ අය කර රජයට රුපියල් 30ක් ගෙවනවා. සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අයකර රුපියල් 40 රජයට ගෙවන අතර තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30 ආපසු ලබා ගන්නවා.

මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවූ බදු මුදල වෙනස් වන්නේ නැහැ. රජයට ලැබෙන බදු ආදායම වෙනස් වන්නේද නැහැ. සිදුවන එකම වෙනස රජයට බදු එකතු වන ආකාරය වෙනස් වීම පමණයි. කලින් නිෂ්පාදකයා විසින් රජයට එකතු කර දුන් රුපියල් 20ත් දැන් රජයට එකතු කර දෙන්නේ තොග වෙළෙන්දා විසින්.

තොග වෙළෙන්දාත් වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 150ක් අය කරන අතර සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කරනවා. එම රුපියල් 40 රජයට ගෙවනවා. රජයට ලැබෙන බදු ආදායමේ හෝ පාරිභෝගිකයාට ගෙවන්නට වන මිලේ කිසිදු වෙනසක් නැහැ.

මෙයින් පැහැදිලි වන පරිදි, අවසන් වශයෙන් භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට විකුණන අවස්ථාවේදී වැට් බදු අය කෙරේනම් ඊට පෙර අදියර වලදී එම බදු අය කළත් නොකළත් ප්‍රතිඵලය එකයි.

එහෙත් අවසන් අදියරේ සේවා නිෂ්පාදකයා, ඒ කියන්නේ මේ නිදර්ශනයේ සිල්ලර වෙළෙන්දා, වැට් සඳහා ලියා පදිංචි වී නැත්නම් එම අදියරේදී අගය එකතු කිරීම මත බදු එකතු වන්නේ නැහැ. මෙහිදී අප විසින් සලකා බලන්නේ සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැතත්, තොග වෙළෙන්දා එසේ ලියාපදිංචි වී ඇති තත්ත්වයයි. නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී සිටීම හෝ නොසිටීම අවසාන ප්‍රතිඵලය කෙරෙහි එතරම් වැදගත් නැහැ.

මෙහිදී තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවනවා. (නිෂ්පාදකයාට වැට් බදු ගෙවා ඇත්නම් එම මුදල රජයෙන් ආපසු ලබා ගන්නවා.) නමුත් සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැති නිසා තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද රජයෙන් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එම මුදල සිල්ලර වෙළෙන්දාගේ පිරිවැයට එකතු වී එම පිරිවැය රුපියල් 180ක් වෙනවා. ඒ මත රුපියල් 50ක අගය එකතු කිරීමකින් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 230ක් වෙනවා.

මෙහිදී පාරිභෝගිකයාගෙන් සෘජුව වැට් බද්දක් අය නොකළත්, පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල රුපියල් 30කින් වැඩි වෙලා. ඒ රුපියල් 30 තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් අය කර රජයට ගෙවූ රුපියල් 30ක වැට් බදු මුදලයි. පාරිභෝගිකයින් විසින් සෘජුව වැට් බදු නොගෙවන බොහෝ අවස්ථා වලදී මේ ආකාරයෙන් එම බද්දෙන් කොටසක් වක්‍ර ලෙස පාරිභෝගිකයාගේ මිලට එකතු වී තිබෙන්න පුළුවන්. ඒ සැපයුම් දාමයේ මුල් අදියර වලදී අය කර තිබෙන වැට් බදු. මේ අනුව, මෙහිදීද අවසන් වශයෙන් බදු බර පාරිභෝගිකයා මතයි.

නිෂ්පාදකයා හා සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියදී තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මේ අවස්ථාවේදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. නමුත් තොග වෙළෙන්දාට ගෙවූ වැට් බදු මුදල රජයෙන් ආපසු ලබාගත නොහැකි නිසා එම මුදල තොග වෙළෙන්දාගේ පිරිවැයට එකතු වෙනවා. එම රුපියල් 120ක මුදලට රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව සිල්ලර වෙළෙන්දාට විකුණන්නේ රුපියල් 170ක මුදලකටයි. සිල්ලර වෙළෙන්දා එයට තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 220 දක්වා ඉහළ යන අතර වැට් බදු මුදලද එයට එකතු වූ පසු පාරිභෝගිකයාට රුපියල් 264ක් (220 + 44) ගෙවන්නට සිදු වෙනවා.

තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියේනම් පාරිභෝගිකයාට වැය වන්නේ රුපියල් 240ක මුදලක් පමණයි. දැන් එය රුපියල් 24කින් වැඩි වෙලා. රජයට ලැබුණු වැට් ආදායම රුපියල් 64ක් වෙලා. මෙයට හේතුව නිෂ්පාදකයාගේ රුපියල් 100ක අගය එකතු කිරීම මත දෙවරක් වැට් බදු අය වනවාට අමතරව එම වැට් බද්ද මතද නැවත වරක් වැට් බදු ගෙවන්නට පාරිභෝගිකයාට සිදු වීමයි. මෙයින් කොටසක් සෘජුවත් (රුපියල් 44ක්) තවත් කොටසක් වක්‍ර ලෙසත් (රුපියල් 20ක්) පාරිභෝගිකයාට ගෙවන්නට සිදු වෙනවා.

සැපයුම් දාමයේ මුල් කොටසේදී වැට් බදු අය වී මැදදී එය ඛණ්ඩනය වූ විට ඉහත තත්ත්වය ඇති විය හැකියි. ප්‍රායෝගිකව සැපයුම් දාම මෙහි උදාහරණයට වඩා දිගු හා සංකීර්ණ නිසා බොහෝ අවස්ථා වලදී මෙවැන්නක් සිදු විය හැකියි. වැඩි ගනුදෙනු ප්‍රමාණයක් මත වැට් අය කෙරෙන තරමට මේ විකෘතිය සීමා වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan