*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක්!

නව වසරේ ආරම්භයත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ආසන්නම කවවල සාමාජිකයන් කැඳවලා මූලස්ථාන මට්ටමේ චාම් උත්සවයකින් නව වසරේ වැඩ පටන් අරන් තිබුණා.

ජනවාරි පළවෙනිදා තිබුණ උත්සව අතරින් වැඩිම අවධානයක් දිනාගත්තේ සජබය සහ අනුර යාපා – ලන්සලා කණ්ඩායම් බව කියන්න ඕනි.සජිත් ජනවාරි පලවෙනිදා ශ්‍රිලනිප දැවැන්තයෙක් වන ශාන් විජයලාල්ද සිල්වා සජබෙට සම්බන්ධ කරගෙන ලොකු දේශපාලන බෝම්බයක් ගහලා දැම්මා.

සමහරවිට ඒක ඒ පන්නයේ පැමිණීම් පෙලක ආරම්භය වෙන්නත් පුළුවන්.අනුර යාපා – ලන්සා සන්ධානයේ මූලස්ථානය පිහිටි රාජගිරියේත් චාම් උත්සවයක් සංවිධානය කරලා තිබුණා.ඒ,ඒ සන්ධානයේ මූලික මෙහෙයුම්කරුවන් දෙන්නා වන අනුර ප්‍රියදර්ශන සහ නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන්.එතනදී ලන්සා කරපු කතාව කාගේත් අවධානයට ලක්වෙලා තිබුණා. ලන්සා ජනාධිපතිවරණයේදී රනිල්ට සහය දෙන බව කෙලින්ම කිව්වා.ඒ වගේම තමන් ඇතුළු පිරිස ගොඩනගන සන්ධානයට රාජපක්ෂලා එක්ක කිසිම සම්බන්ධයක් නැති බවත් කිව්වා.

ලන්සාත් දේශපාලන පොරපිටිය ඇතුලට තවත් බෝම්බයක් ගහලා දැම්මා.සජිත්ගේ බෝම්බයෙන් මූලික හානිය උනේ ශ්‍රිලනිපයට විතරයි.හැබැයි ලන්සාගේ බෝම්බයෙන් පැති ගාණනාවකට හානිවෙලා බව ආරංචියි.එක පැත්තකින් රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා සාත්තර කියපු විමල්ලාට කට උත්තර නැතිවුනා.

පහුගිය අයවැය විවාදය අතරතුර විමල් හූණා කියනවා වගේ කිව්වේ රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා.රනිල් එනවා කියලා හිතාගෙන ඉන්න අය ගැන කියන්න තියෙන්නේ අනේ පව් කියලා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිධූර කාලය අවසන් උනාට පස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවයට යනවා කියලයි විමල් කිව්වේ.ලන්සා රනිල්ට උදව් කරනවා කියන කතාව කටට ආපු පලියට කියපු එකක් වෙන්න බෑ.

ලන්සා ඒ කතාව කියන්න ඇත්තේ රනිල් ජනාධිපතිවරණය එනවා කියන එක දැනගෙන රනිල් එක්ක එකඟතාවයකින් වෙන්න ඕනි. ලන්සගේ ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිවරණ සටන 2024 වර්ෂය ආරම්භයත් එක්ක ප්‍රධාන සටන් පෙරමුණු තුනට බෙදලා තියනවා. ලන්සලා රනිල්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැප වෙන බව කීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට බලපෑම් එල්ල වෙනවා.

ඒ pressure එක කෙලින්ම එජාපයට එල්ල වෙන එක නවත්තන්න බෑ.තවමත් රනිල්ගේ ජනාධිපතිවරණ කෑම්පේන් එක පටන් ගන්න ඕනි විදිහට පක්ෂය ශක්තිමත් කරගන්න එජාපය අසමත් වෙලා තියනවා.එජාපයේ මූලිකයෝ ඒ වෙනුවෙන් තනි තනි උත්සාහයන් ගත්තත් පක්ෂයක් විදිහට තවමත් සාමූහික උත්සාහයක යෙදෙන්නේ නෑ.එජාපය යම් සංවිධාන හැඩයකින් ජනාධිපතිවරණ සටනට ගේන්න රවීලා උත්සහ කරන බවක් පෙනුනත් තවමත් ඒ උත්සාහය සාර්ථක වෙලා නෑ.අනුර යාපා – නිමල් ලන්සලා රනිල්ගේ කැම්පේන් එක උස්සන්නකොට එජාපයට නිකං බලා ඉන්න බෑ.ලන්සලා උත්සහ කරන්නේ මූලික වටයේදීම එජාපය සක්‍රීය කරගන්න.එජාපයත් යම් විදිහකින් සක්‍රීය උනොත් පළවෙනි වටයේදීම බලවේග දෙකක් මහ පොළොවේ රනිල් වෙනුවෙන් ක්‍රියාකාරීව ඉන්නවා.

ලන්සා පත්තු කරපු බොම්බයෙන් වැඩිපුරම හානි සිද්ධවුනේ පොහොට්ටුවට. පොහොට්ටුවෙත් රාජපක්ෂලාට.ලන්සා දැන් බෝලය පොහොට්ටුව පැත්තට තල්ලු කරලා ඉවරයි. පොහොට්ටුව තවමත් ජනාධිපතිවරණයේදී රනිල්ට සහය දෙනවා කියලා නෑ.පොහොට්ටුව දිගටම කිව්වේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න මේ දවස්වල ධම්මික පෙරේරා කැම්පේන් එකක් කරගෙන යනවා.ඒ බලාපොරොත්තුව ධම්මිකට දුන්නේ බැසිල්.හැබැයි ඒක මහින්දගේ චොයිස් එක නෙවෙයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පොහොට්ටුව දාලා තියන කොන්දේසි දහය සම්පුර්ණ කරන විදිහට හදාගෙන එන්න කියලා බැසිල් මේ දවස්වල ධම්මිකත් එකක් කංකං බූරූ….චිංචිං නෝරූ සෙල්ලම කරමිනුයි ඉන්නේ.ඒ කොන්දේසි දහය සපුරන වැඩපිලිවෙල හැදුවාට පස්සේ ධම්මික ගැන සළකා බලනවා කියලා තියනවා.දැනට පොහොට්ටුව කියන්නේ ජනාධිපතිවරණය ආසන්න උනහම තමන්ගේ අපේක්ෂකයා නම් කරනවා කියලා.රටේ රාළ දිගටම කිව්වේ අවසාන මොහොතේදී රාජපක්ෂලාට රනිල්ට යටත් වෙන්න වෙනවා කියලයි.රටේ රාළ විශ්වාස කරන්නේ රාජපක්ෂලා දැනටමත් යටත්වීම පෞද්ගලිකව රනිල්ට ප්‍රකාශ කරලා ඇති කියලයි.ඇත්තටම මේ වෙනකොට රනිල් සහ රාජපක්ෂලා අතර එකඟතාවයක් හැදිලා තියෙන්න ඕනි.එයාලා ඒක දැනට එලියට නොකියනවා වෙන්න ඇති.

දැන් රාජපක්ෂලා රනිල්ට සහය දෙනවා කිව්වත්, ධම්මික දානවා කිව්වත් පොහොට්ටුවේ බහුතරය රනිල්ට සෙට් වෙන එක නවත්තන්න බෑ.දැනට රාජපක්ෂලා කරමින් ඉන්නේ ධම්මිකට දුවන්න දීලා ධම්මික තමයි අපේක්ෂකයා කියලත් ස්ථීරව නොකියා ඔහේ යන්න අරිමින් ප්‍රශ්නය කල්දාගන්න එක.ධම්මිකට හති වැටෙනකම් දුවවන්න දෙනවා.දැන් ඉන්න ධම්මිකට වඩා හති වැටුන ධම්මික විඩ්රෝ කරගන්න එයාලට ලේසියි.මොකද එතකොට දිනන්න බෑ කියන මනසත් ධම්මිකටත් හැදිලා ඉවරයි.

ලන්සා ප්‍රහාරයක් එල්ල කළේ පොහොට්ටුවේ මේ දෙබිඩි ප්‍රතිපත්තියට කියලයි රටේ රාළ හිතන්නේ.ඒකෙන් වෙන්නේ රාජපක්ෂලා ප්‍රශ්නය කොච්චර කල්දාන්න හැදුවත් පොහොට්ටුව ඇතුලේ රනිල්ට වැඩකරන්න සෙට් එක සහ හොරගල් අහුලන සෙට් එක වෙන් වෙන්ව කැපිලා පේනෙන එකයි.මෙතනදී රාජපක්ෂලා හොරගල් ඇහිලුවට පොහොට්ටුවේ බහුතරයකට ඒක කරන්න බෑ.දැන් සජිත් සහ අනුරත් තරඟය ඇතුලේ ඉන්න නිසා එයාලටත් තමන්ගේ නියෝජනය ගැන හිතන්න වෙනවා.

එක පැත්තකින් රනිල් ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හින්දා එයාලට රනිල්ට පිටුපාන්නත් බෑ. දැන් රාජපක්ෂලාට රනිල් විරෝධයක් පොහොට්ටුව ඇතුලේ මතු කරන්නත් බෑ.ඇත්තටම ලන්සාගේ ඒ ප්‍රහාරයෙන් වෙන්නේ රාජපක්‍ෂලාගේ බලය දුර්වල වෙමින් රනිල්ගේ බලය සහ රාජපක්ෂ විරෝධී පෙරමුණ ශක්තිමත් වීමයි.ලන්සලාගේ ඊළඟ උපක්‍රම වෙනවා ඇත්තේ රනිල් දිනවන සටනේ මූලිකත්වය ගැනීම වෙන්න ඕනී. එතකොට සටනේ වැඩි වාසිය එයාලගේ පැත්තට එන එක පවත්තන්න බෑ.මෙතනදී තවත් දෙයක් වෙනවා රනිල්ට වැඩ කරන්න කැමති උනත් ඒ වෙනුවෙන් තැනක් නැතිව හිටිය අයට ලන්සලාගේ සන්ධානයකට ගොඩ වෙන්න අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන්ම සජබ ඇතුලේ ඉන්න රනිල්වාදීන්ටත් ලන්සලාගේ මේ කලඑළි බැසීම ලොකු උද්දීපනයක් වෙලා තියන බව ආරංචියි.ලන්සලාට වඩාත්ම සමීප කණ්ඩායම විදිහට ඉන්න ශ්‍රිලනිපයටත් ලන්සලාගේ මේ තීරණය ඉස්සරහා ඉක්මන් තීරණවලට යන්න සිද්ධ වෙනවා. ඇත්තටම බලනකොට සජිත් ගහපූ කාල බෝම්බ තරම් පිපිරුම් ශබ්දයක් නැති උනත් ලන්සා පත්තු කරපු බෝම්බය දේශපාලන වශයෙන් ගොඩක් බලවත්.ඒ කියන්නේ ලන්සලා ගහලා තියෙන්නේ කාල බෝම්බයකට වඩා ප්‍රබල පොකුරු බෝම්බයක්.

හරි එහෙමනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan