හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS Terminals Limited සම්බන්ධයෙන් උපායමාර්ගික විකල්ප පිළිබඳව, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමඟ මූලික සහ විධිමත් නොවන මට්ටමේ සාකච්ඡාවල නිරත වන බව පවසයි.

එම සමාගම මේ බව සිය කොටස් හිමියන්ට සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාවලදී සලකා බලනු ලබන විකල්ප අතරට වාණිජමය සහයෝගීතාවයන්, බාහිර ආයෝජන ලබා ගැනීම සහ LAUGFS Terminals Limited හි ලාෆ්ස් ගෑස් පීඑල්සී සතු කොටස් හිමිකාරීත්වයේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම විකිණීම ඇතුළත් වන බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, කිසිදු ගනුදෙනුවක ව්‍යුහය හෝ කොන්දේසි පිළිබඳව මෙතෙක් එකඟතාවයකට පැමිණ නොමැති අතර, කිසිදු අවසන් ගනුදෙනු ගිවිසුමකට ද එළඹ නොමැති බව සමාගම පෙන්වා දෙයි. මෙම මූලික සාකච්ඡා සාර්ථක ගනුදෙනුවකින් කෙළවර වේද යන්න පිළිබඳව ස්ථිරභාවයක් නොමැති බැවින්, මෙම අදියරේදී සිදුවිය හැකි මූල්‍යමය බලපෑම තීරණය කළ නොහැකි බව ද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන යම් සැලකිය යුතු වර්ධනයක් පිළිබඳව වහාම අනාවරණය කිරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත.

LAUGFS Terminals Limited සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පිහිටි මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවයකින් යුත් LPG (ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස්) පර්යන්තයේ අයිතිය දරනු ලබන අතර එහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මෙය දකුණු ආසියාවේ විශාලතම LPG ප්‍රතිනැව්ගත කිරීමේ පර්යන්තයක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...