කොළඹ LNW:මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම් ඇතුළත් කරමින් ජනාධිපති අරමුදල මෙම වසරේ සිට 100% දක්වා වෛද්‍යාධාර දීමනා වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අතර වෛද්‍යාධාර ලබාදීමේදී සැලකිල්ලට ගන්නා මාසික ආදායම් සීමාව ද රු.200,000.00 දක්වා ඉහළ නංවා ඇත.
මෙමගින් මූල්‍ය දායකත්වයන් ලබාදීමේ සහ සෞඛ්‍ය සේවාවන්ට අවතීර්ණ වීමේ පුළුල් ප්‍රවේශයක් සහතික කිරීම හරහා ජනතාවට සහය ලබාදීමට ජනාධිපති අරමුදල කැපවී සිටින බවයි මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
ASK