*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ජන්දය දිනන්න ඕන කෙනෙක් එක්ක අපි සන්ධානගත වෙනවා – තිස්ස

කොළඹ LNW:ඕනෑම කණ්ඩායමක් සහ පුද්ගලයෙක් සමඟ සන්ධානගතවීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය ලබා දී ඇති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී කටයුත්තට එරෙහිව කටයුතු කරන ඕනෑම පාර්ශවයක් සමඟ කටයුතු කිරීමට සූදානම් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ආණ්ඩු විරෝධී බලවේග වෙත සමඟිය සමඟ එක්වන ලෙස ඔහු ආරාධනා කර සිටියි.

මේ වන විටත් විපක්ෂය නියෝජනය කරන විවිධ පාර්ශව සමඟියට එකතු වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව සමඟ සිට ඉන් ඉවත්වූ ”නිදහස” ජනතා සභාවේ පිරිසක් මේ වන විට සමඟි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතාද සමඟිය සමඟ එක්ව සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan