ජපානයේ දුම්රියක් තුළ පිහි ඇනුමක්! සිව්දෙනෙකුට තුවාල

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 20 හැවිරිදි තරුණියක් විසින් ජපානයේ දුම්රියක් තුළදී සිදුකළ පිහි ඇනුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

JR Okachimachi සහ Akihabara දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී පිහි අනුම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට 20 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව එම වාර්තාවේ දැක්වෙයි.

ටෝකියෝ පොලීසිය පවසන්නේ, එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11ට පමණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වාර්තා වූ බවයි.

මෙම කාන්තාව මගීන්ට පහර දී ඇති අතර, පහර දුන් අය ඇය නොදන්නා බව පොලිසිය පවසයි.

ඇයට “මිනිසුන් මරා දැමීමට” අවශ්‍ය වූ බව විමර්ශනවල දී සැකකාරිය පොලිසියට පවසා ඇත .

ජපන් ටයිම්ස් වාර්තා කරන්නේ, ඇයගේ බෑගයේ තිබී තවත් පිහියක් හමුවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...