ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
නැගෙනහිර ඉන්දුනීසියාවේ ටර්නේට් නගරයේ වෙරළට ඔබ්බෙන් උතුරු මොලුකා මුහුදේ රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක් සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් ඒ අවට දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

2026 අප්‍රේල් 2 වන දින දේශීය වේලාවෙන් (UTC+05:30) 04:18:15 ට භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඉන්දුනීසියාවේ උතුරු මලුකු පළාතේ ටර්නේට් නගරයේ සිට කිලෝමීටර 120 ක් පමණ දුරින් සිදුව ඇති අතර එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර 1,000 ක් (සැතපුම් 621) ඇතුළත භයානක සුනාමි රළ ඇතිවිය හැකි බව කියැවේ.

මෙවැනි නොගැඹුරු භූමිකම්පා බොහෝ විට ශක්තිමත් භූමිකම්පා සහ හානිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ විය හැකි අතර ඉන්දුනීසියාව පැසිෆික් “ගිනි වළල්ල” දිගේ පිහිටා ඇති අතර එය භූ තැටි චලනය හේතුවෙන් නිතර භූමිකම්පා සහ ගිනිකඳු ක්‍රියාකාරකම් වලට ගොදුරු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ...

කරන්නාගොඩට සහ යෝෂිතට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ...

කාවන්තිස්ස ඇතුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 'කවන්තිස්ස' ඇතුට...