GMOA පාදෙණිය GMOF බෙල්ලනට බයවෙලාද?

Date:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව වෛද්‍යවරුන් අතර විරෝධයක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

පසුගිය දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන ගිය වැඩවර්ජනය දැඩි ලෙස හෙළා දකිමින් කතා කළ වෛද්‍යවරයෙක් ලෙස රුක්ෂාන් බෙල්ලන මහතා කැපී පෙනුණු අතර මේ වන විට GMOA වෙත එරෙහි වීමේ ප්‍රතිඵලයක් මත බෙල්ලන මහතාව වෛද්‍යවරු අතර පමණක් නොව ජනතාව අතරද බිඳවීමටයි GOMA කණ්ඩායම මැදිහත්වෙමින් ඇත්තේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය පරිපාලන සේවයේ නිරතව සිටින අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විරෝධය අවුළුවන්ට සූදානම් වන්නේද වාර්තා වන පරිදි එම රෝහලේන්මය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාව යොදවා ගෙන එම GMOA සභාපතිව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් එම විරෝධය ඇති කිරීම සඳහා පිඹුරුපත් සකස් කර ඇති නමුත් කළුබෝවිල ශාඛාවේ ඉදිරිපෙලින් ඊට අකමැත්ත ප්‍රකාශ වීම තුළ වෛද්‍ය පාදෙණිගේ සැලසුම් තවමත් නිසියාකාරව ඉටුකරගැනීමට හැකි වී නැති බවද සඳහන්.

වෛද්‍ය බෙල්ලනට එරෙහිව කළුබෝවිල ශික්ෂණ රෝහල තුළ වැඩවර්ජන, උද්ඝෝෂණ සිදුකිරීමට වෛද්‍ය පාදෙණිය හා ඔහුගේ ඉතාම හිතෛෂීන් උත්සහ දරා ඇති බවත් එම උත්සාහයන් ආසාර්ථක වීම තුළ අඩුම තරමේ කළු පටි පැළඳ හෝ රාජකාරී කරන ලෙස කලුබෝවිල් රෝහලේ GMOA ශාඛා සමිතියට බල කර තිබේ. එහෙත් එයටද වෛද්‍ය පාදෙණිය බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැත.

එම තත්ත්වය මත වෛද්‍ය පාදෙණිය විසින් කළුබෝවිල GMOA ශාඛා සමිතියේ ප්‍රධානීන්ට දැඩි ලෙස බැන වැදී ඇති බවද වාර්තා විය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රෝහල තුළ ඕනෑම වෛද්‍ය නිලධාරීයෙකු ඇතුළු කාර්ය මණ්ඩලය වෙත දක්වන සුහදශීලි ප්‍රතිචාරයන් මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විරෝධයක් නොතිබීම තුළයි තවදුරටත් එම රෝහල තුළ වෛද්‍ය බෙල්ලනට එරෙහි GMOA ක්‍රියාන්විතය සාර්ථක කරගැනීමට හැකි වී නැත්තේ.

වෛද්‍ය බෙල්ලන බිඳ වැට්ටවීමේ උත්සාහයන් කිහිපයක් ව්‍යර්ථ වීම නිසා මේ වන විට අලුතෙන් ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහු නීත්‍යානුකූල වෛද්‍යවරයෙකු නොවන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයට අමු කැවී ඇති ප්‍රමාණය එයින්ම වටහා ගැනීමට දැන් නම් අපහසු නැත.

රජයේ වෛද්‍යවරයෙක් ලෙසත් එමෙන්ම මේ වන විට වෛද්‍ය පාරිපාලන සේවයේ සිටින එපමණක් නොව ඊට පෙර රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේද ඉදිරිපෙළ සාමාජිකත්වය දැරූ වෛද්‍ය බෙල්ලනගේ වෛද්‍ය වෘත්තිකභාවය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැන් මෙවැනි අදහස් ප්‍රචාරය කිරීමට සිතීමම උභතෝකෝටික ප්‍රශ්නයකි.

වෛද්‍ය බෙල්ලන මහතා සම්බන්ධයෙන් GMOA ගෙන යන මෙම ප්‍රචාරය සත්‍ය නම් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙපමණ කාලයක් කර ඇත්තේ අහවල් දෙයක්ද යන්න විමසීමට සිදුවෙයි.

ඒ අනුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යන මෙහෙයුම් අලුත්වෙමින් වෙනස් වෙමින් ඒවා පෙත්සම් බවට ද පරිවර්තන වෙමින් පවතින බවද සැල විය.

මේ දෙපාර්ශවය අතර මෙලෙස සිදුවන්නේ කුමක්ද?

වෛද්‍ය වෘත්තීය තුළ පවතින මෙම, විශේෂයෙන් වෘත්තීය සමිති ගැටුම ගැන සැලකීමේදී අපට අසන්නට ඇත්තේ රටේ නිදහස් සෞඛ්‍ය සහ වෛද්‍ය වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් පොදු අරගලයට අවතීර්ණ වීම පසෙකලා මේ සිදුකරමින් සිටින්නේ කුමක්ද?

වෘත්තීය සමිති අවභාවිතා කරමින් එම අරමුණු හුදු රාමුගත දේශපාලන න්‍යාය පත්‍රයන්ට යට කරමින් GMOA වැනි වෛද්‍ය වෘත්තිකයින් ගමන් කරමින් සිටින්නේ කොතැනටද?

නැත්නම් වෛද්‍ය පාදෙණිය ඇත්තටම වෛද්‍ය බෙල්ලනට දැන් බයෙන් පසුවන්නේද?

(සවිස්තර වාර්තාවක් බලාපොරොත්තු වන්න)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...