12-15 වයස් කාණ්ඩයට එන්නත්කරණය සිකුරාදා සිට

Date:

වයස අවුරුදු 12 – 15 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය ලබන සිකුරාදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මෙම වයස් කාණ්ඩය සඳහා එක් එන්නත් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙනවා.

මීට පෙර මෙම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහිත දරුවන්ට එන්නත් ලබාදුන් අතර ඒ අනුව ළමුන් 30,000 කට එන්නත්කරණය අවසන් කර තිබෙනවා.

ළමුන් සඳහා එන්නත් ලබාදීමට සමගාමීව ගුරුවරුන් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමද සිදු කරන බවයි රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා. මීට අමතරව පාසල් අනධ්‍යනය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙන්ම පාසල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටද බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි බවයි ඇමතිවරයා පවසන්නේ.

ලබන සඳුදා සිට සියලු පාසල් සිසුන් පාසල් වෙත කැඳවීමට සෞඛ්‍ය බළධාරීන් නිර්දේශ කර තිබේ. ඒ අනුව ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි පාසල්වල කටයුතු සිදුවන බව ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

අද සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...