විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW :

2025 වසරේදී, විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඉපැයීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටී.

අද (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විදෙස් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 07කට අධික ආදායමක් හා සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3යි දශම 2ක ආදායමක් උපයා ඇති බවය.

විජිත හේරත් අමාත්‍යවරයා එහිදි කියා සිටියේ, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වු බලපෑම සැලකිල්ලට ගනිමින් විදෙස් රටවලින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පාර්ශ්ව මගින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලැබී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...